IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඇෆ්ගන් කාන්තාවන්ට රූපවාහිනිය තහනම්

මින් ඉදිරියට, ඇෆ්ගන් කාන්තාවන්ට, එරට රූපවාහිනී නාට්‍යවල පෙනී සිටිය නොහැකි බව නව නීති හඳුන්වා දෙමින්, ඇෆ්ගන් තලේබාන් රජය පවසා තිබේ.

ඊට අමතරව, මාධ්‍යවේදිනියන්ට සහ රූපවාහිනී නිවේදිකාවන්ට රූපවාහිනියේ පෙනී සිටිය හැක්කේ සම්පූර්ණයෙන් මුහුණු ආවරණය කරගෙන යැයි ද තලේබාන්වරුන් නියෝග කර ඇත.

තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ නව රජයක් පිහිටුවූයේ පසුගිය අගෝස්තු මාසයේය. ඒ, ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා 20 වසරක ඇෆ්ගන් සංග්‍රාමය අවසන් කර පිටත්ව යෑමෙන් පසුවය.

ඇමෙරිකා සහ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයේ සිටිද්දී, පිහිටුවූ ඇෆ්ගන් රජය, ඇෆ්ගන් කාන්තාවන්ට නිදහසේ ජීවත් වෙමින් රැකියා කිරීමට අවසර දුන්නේය. බාලිකා අධ්‍යාපනයට ප්‍රමුඛත්වය දුන්නේය.

විදෙස් හමුදා පිටවී යෑමෙන් පසු, යළි බලය අල්ලා ගත් තලේබාන්වරුන් ප්‍රතිඥා දී තිබුණේ ඇෆ්ගන් කාන්තාවන්ට නිදහසේ ජීවත් වීමටත් නිදහසේ රැකියාවල නියැළීමටත් අවසර ලබා දෙන බවටය.

කෙසේ නමුත් දැන් එය වෙනස් වී ඇති බව බීබීසී පුවත් සේවය පවසයි. තලේබාන්වරුන්ගේ මෙම ක්‍රියාකලාපය බටහිර රටවල දැඩි විරෝධයට හේතුවක් වී ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ඇෆ්ගන් කාන්තාවන්ට රූපවාහිනිය තහනම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 621 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2310 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site