රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ලබන මාසයේ දී ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
නව කොරෝනා වයිරස වසංගතය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතයෙන් පසු රුසියානු ජනාධිපතිවරයා විදේශයක සංචාරයක කරන පළමු අවස්ථාව මෙය වේ.
මේ අනුව රුසියානු ජනාධිපතිවරයා දෙසැම්බර් 6 වැනිදා ඉන්දියාවට පැමිණෙනු ඇතැයි වාර්තා වේ.
ඉන්දියාව සහ රුසියාව අතර සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් රුසියානු ජනාධිපතිවරයා ඉන්දියාවේ සංචාරය කරන අතර ඉන්දියාව ඔහු මහත් ඉහළින් පිළිගැනීමට සූදානම් වන බව වාර්තා වේ.
රුසියාව ඉන්දියාවේ සාම්ප්‍රදායික මිත්‍රයෙකි. කෙසේ නමුත් පසුගිය කාලයේ දී ඉන්දියාවේ ක්‍රියාකලාපය හේතුවෙන් ඉන්දියාව තරමක් දුරට රුසියාවෙන් දුරස්ථ වෙමින් සිටින බවක් නිරීක්ෂණය වන බව ද ඇතැම් විශ්ලේෂකයෝ පෙන්වාදෙති.
ඉන්දියාව ක්වොඩ් කණ්ඩායමට එකතු වීම, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෑතකදී ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරය කිරීම යනාදිය ඊට හේතු වී තිබේ.
කෙසේ නමුත් ඉන්දියාව, ඇමෙරිකා එක්සත් ජනපදය සහ රුසියාව සමඟ යහපත් සහ දීර්ඝකාලීන සම්බන්ධතා පවත්වා ගන්නා අතරම ඇමෙරිකාව හෝ රුසියාව හෝ දෙරටින් එකකටවත් නැඹුරු නොවීමට වග බලාගෙන ඇත.
රුසියාව මේ වනවිට ඉන්දියාව ට සිය එස් - 400 ගුවන් ආරක්ෂක පද්ධතියක් ලබාදීමට ද පියවර ගෙන ඇත.
එපමණක් නොව ඇෆ්ගනිස්තානයේ තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දියාව සහ රුසියාව මොස්කව් නුවරත් නවදිල්ලි නුවරත් කලාපීය පාර්ශව සම්බන්ධ කරගනිමින් දීර්ඝ සහ පුළුල් සාකච්ඡා පැවැසීය.
(හින්දුස්තාන් ටයිම්ස්)
2025 දෙසැම්බර් මස 04
715
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දීය සංචාරයකට පුටින් සූදානම්