IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


’ෆයිසර්’ එන්නත පොඩ්ඩන්ට සියයට 100 ක් සාර්ථකයි

'ෆයිසර්' එන්නත අවුරුදු 12 ත් 15 ත් වයස් කාණ්ඩයේ කුඩා දරුවන්ට සියයට 100 ක් ම සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරනවා යැයි එන්නත නිපදවූ ඇමෙරිකාවේ 'ෆයිසර්' ඖෂධ නිෂ්පාදන සමාගම් පැවැසීය.

'ෆයිසර්' සමාගම ඔවුන්ගේ 'ෆයිසර්' එන්නත නිපදවා ඇත්තේ ජර්මනියේ 'බයෝඇන්ටෙක්' සමාගම සමඟ අත්වැල් බැඳ ගනිමිනි. 'බයෝඇන්ටෙක්' සමාගම ද ඔවුන්ගේ සායනික පර්යේෂණ පිළිබඳ වාර්තා ඉදිරිපත් කරමින් පෙන්වා දී ඇත්තේ, අවුරුදු 12 ත් 15 ත් වයස් කාණ්ඩයේ දරුවන්ට 'ෆයිසර්' ලබාදීමෙන් සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බවය.

එන්නතේ පළමු මාත්‍රාව ලබා දී, මාස හතරකින් දෙවැනි මාත්‍රාව ලබා දීම සිදුවෙයි. ඉන්පසු මාස 6 ක් ගත වෙද්දී කුඩා දරුවන් තුළ 'කොවිඩ් 19' වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිය වර්ධනය වන අතර, සියයට 100 ක් සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරයි.
මේ බව අනාවරණය වී ඇත්තේ එන්නත් ලබාගත් 2,228 දෙනකු සම්බන්ධයෙන් සිදු කළ අධ්‍යයනයකින් පසුව බව ද පැවැසෙයි.

අවුරුදු 12 ත් 15 ත් අතරේ වයස් කාණ්ඩයේ දරුවන්ටත්, අවුරුදු 5 ත් 12 ත් වයස් කාණ්ඩයේ දරුවන්ටත් හදිසි භාවිතයට සුදුසු යැයි ඇමෙරිකා ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය 'ෆයිසර්' එන්නතට අනුමැතිය හිමිවී තිබේ.

(රොයිටර්)



අදහස් (0)

’ෆයිසර්’ එන්නත පොඩ්ඩන්ට සියයට 100 ක් සාර්ථකයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 296 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 151 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1802 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site