IMG-LOGO

අන්තවාදී ඉස්ලාමීය නායකයාට නිදහස

දැඩි මතධාරී ඉස්ලාමීය නායකයකු ලෙස සැලකෙන සාද් හුසේන් රිස්වි නිදහස් කිරීමට පාකිස්තාන රජය පියවර ගෙන ඇත.

සුන්නි මුස්ලිම් සන්නද්ධ කණ්ඩායමක් වන තෙහ්රීක්-ඊ-ලබායික් පාකිස්තාන් (ටී.එල්.පී.) පක්ෂයේ නායකයා වන සාද් හුසේන් රිස්වි මෙතෙක් කල් ලාහෝරයේ බන්ධනාගාරයක සිරගත කර තිබිණි.

ඉකුත් කාලය මුළුල්ලේ ඔහුගේ අනුගාමිකයන් විරෝධතාවල නිරත වූ අතර ඇතැම් අවස්ථාවලදී විරෝධතා ප්‍රචණ්ඩකාරී ස්වභාවියක් ගත් අතර ඇතැම් පිරිස් මරණයට ද පත්වූහ.

ත්‍රස්තවාදී ලැයිස්තුවෙන් සාද් හුසේන් රිස්විගේ නම ඉවත් කිරීමට පාකිස්තාන රජය ඉකුත් සතියේ දී පියවර ගත් අතර එසේ කිරීමෙන් සතියකට පසු හෙතෙම නිදහස් කිරීමට ආණ්ඩුව ඊයේ (18) පියවර ගත්තේ ය.

තෙහ්රීක්-ඊ-ලබායික් පාකිස්තාන් (ටී.එල්.පී.) ව්‍යාපාරයට සම්බන්ධ විශාල පිරිසක් මේ වනවිට සිරගත කර සිටින අතර 2,000කට ආසන්න පිරිසක් නිදහස් කිරීමට පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මීට සති දෙකකට පෙර එකඟතාව පළ කළේ ය.

මාරාන්තික විරෝධතා නැවැත්වීමේ එකඟතාව මත සාද් හුසේන් රිස්වි නිදහස් කෙරුණු බව ද ඇතැම් වාර්තාවල දැක්විණි.

තෙහ්රීක්-ඊ-ලබායික් පාකිස්තාන් (ටී.එල්.පී.) ව්‍යාපාරය තහනම් සංවිධානයක් ලෙස නම් කර තිබෙන එම ලැයිස්තුවෙන් ඔවුන්ගේ නම ඉවත් කිරීමටත් ඔවුන්ට මැතිවරණය සඳහා තරග කිරීමට අවසර දීමටත් පාකිස්තාන ආණ්ඩුව පියවර ගෙන ඇත.

පාකිස්තානයේ ප්‍රංශ තානාපතිවරයා රටින් පිටුවහල් කළ යුතු යැයි බල කරමින් විරෝධතා පැවැත්වීමට මූලිකත්වය ගත්තේ සාද් හුසේන් රිස්වි සහ ඔහුගේ නායකත්වයෙන් ක්‍රියාත්මක තෙහ්රීක්-ඊ-ලබායික් පාකිස්තාන් (ටී.එල්.පී.) ව්‍යාපාරය යි.

තෙහ්රීක්-ඊ-ලබායික් පාකිස්තාන් (ටී.එල්.පී.) ව්‍යාපාරය ඔවුන්ගේ ප්‍රචණ්ඩකාරී දේශපාලනය නැවැත්විය යුතු බවත් ප්‍රංශ තානාපතිවරයාට රටින් පිටුවහල් කරන්නැයි කළ ඉල්ලීම ඉවත් කරගත යුතු බවත් යන කොන්දේසි සැපිරිය යුතු වේ.

සාද් හුසේන් රිස්වි සහ එම ව්‍යාපාරයේ සිරගත කර සිටින සාමාජිකයන් නිදහස් කිරීමේ ප්‍රධාන කොන්දේසි වන්නේ ඉහත කී කොන්දේසි දෙක යි.

(රොයිටර්)



අදහස් (0)

අන්තවාදී ඉස්ලාමීය නායකයාට නිදහස

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 510 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 325 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 490 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site