IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ජනාධිපති බයිඩන්ට සුබ උපන්දිනයක්

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ 79 වැනි උපන් සමරයි. උපන් දිනය වෙනුවෙන් බයිඩන්, බිරිඳ ජිල් ද සමඟ ඩෙලවෙයාර් ජනපදයේ විල්මින්ටන් හි පිහිටි ඔවුන්ගේ නිවස බලා ගිය බව ධවල මන්දිරය නිවේදනය කළේය.

බයිඩන්, ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත් වූයේ මෙම වසරේ ජනවාරියේය. ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත් වූ වයස්ගතම ජනාධිපතිවරයා බයිඩන්ය.

උපන් දිනය වෙනුවෙන් විශේෂ සාද හෝ රැස්වීම් කිසිවක් පැවැත් වූයේ නැතැයි ද පැවැසෙයි. මේ අතර, බයිඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂ ප්‍රබලයන්ගෙන් බයිඩන්ට උණුසුම් උපන් දින සුබ පැතුම් ලැබුණි. ඒ, ට්විටර් පණිවුඩ ලෙසය. පළමුවෙන් සුබ පැතුම් එක් කිරීමට කටයුතු කළේ උප ජනාධිපතිනිය කමලා හැරිස් ය.

පාර්ලිමේන්තු කතා නායිකා නැන්සි පෙලෝසි, ජනාධිපති බයිඩන්ට සුබ පතමින් පළ කළ ට්විටර් පණිවුඩයේ සඳහන් වී ඇත්තේ, බයිඩන්, ජනාධිපති ධුරයේ සිටීම ඇමෙරිකානුවන්ට ආඩම්බර බවත්, බයිඩන්, ජනතාවට ආදරේ සැබෑ ඇමෙරිකන් නායකයකු බවත්ය.

'මගේ සොහොයුරාට මගේ මිතුරාට සුබ උපන් දිනයක්' යැයි ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් වෙයි. ඇමෙරිකාවේ කළු ජාතික ජනාධිපති ලෙස බැරැක් ඔබාමා ජනාධිපති ධුරය හොබවද්දී, උප ජනාධිපති ලෙස කටයුතු කළේ ජෝ බයිඩන්ය.

(රොයිටර්)



අදහස් (0)

ජනාධිපති බයිඩන්ට සුබ උපන්දිනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 621 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2310 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site