
නව නිරෝධායන නීති ප්‍රතික්ෂේප කරමින් සහ ඊට විරෝධය පළ කරමින් නෙදර්ලන්තය, ඔස්ට්‍රියාව, බෙල්ජියම, ජර්මනිය, ප්‍රංශය, ක්‍රොයේෂියාව, ඉතාලිය ආදී යුරෝපා රටවල ආරම්භ වී ඇති විරෝධතා දිනෙන් දින ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගන්නා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යුරෝපා රටවල් නව නිරෝධායන නීති හඳුන්වා දී ඇත්තේ 'කොවිඩ් 19' ආසාදිතයන් සහ මරණ ඉහළ යෑම සැලකිල්ලට ගනිමිනි. යුරෝපා රටවල වැසියන් මුහුණු ආවරණ පැලඳීම ගැන සැලැකිල්ලක් නොදක්වන අතර, එන්නත් ලබා ගැනීම පවා අදිමදි කරන බව පැවැසෙයි. වසංගත තත්ත්වය උත්සන්න වී ඇත්තේ මේ නිසා යැයි සෞඛ්‍ය අංශ පැහැදිලි කරයි.
නව නිරෝධායන නීති අනුව, අවන්හල්, සමාජ ශාලා ඇතුළු පොදු ස්ථානවලට පිවිසීමට නම්, එන්නත ලබා ගත් බව පෙන්වමින් එන්නත් කාඩ්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය වෙයි.
එසේ නොමැති නම්, පැය 24 ක් ඇතුළත සිදු කළ 'කොවිඩ් 19' පරීක්ෂණයකින් 'නෙගටිව්' වාර්තාවක් පෙන්වීම කළ යුතු වෙයි. රැකියාවට වාර්තා කිරීමේ දී ද 'කොවිඩ් 19' එන්නත් කාඩ්පත අනිවාර්ය කර ඇති අතර, එන්නත් ලබා නොගන්නා සේවක සේවිකාවන් රාජකාරිවලින් නෙරපා දැමීමට ද නීති සකස් කර ඇත.
පසුගිය සතිඅන්තයේ නෙදර්ලන්තයේ රොටර්ඩෑම් සහ හේග් යන නගරවලින් ආරම්භ වුණු විරෝධතා මේ වනවිට ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන ඇත. විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය යොදවද්දී, දෙපිරිස අතර දරුණු ගැටුම් හටගන්නා බව ද පැවැසෙයි. පෙරේදා (20) රාත්‍රියේ, පොලිසිය රබර් උණ්ඩ යොදා ගනිමින් විරෝධතාකරුවන්ට වෙඩි තැබූ බව ද වාර්තා විය.
මේ අතර, ඕස්ට්‍රියාවේ විරෝධතා උත්සන්න වී ඇති අතර ඒ සමඟම 'කොවිඩ් 19' ආසාදිතයන් ද ඉහළ යෑමට පටන්ගෙන තිබේ. මේ හේතුව නිසා රට මුළුමනින්ම ලොක්ඩවුන් කිරීමට රජය තීරණය කළේය. ඒ, සෞඛ්‍ය උපදෙස් අනුවය. ඕස්ට්‍රියානුවන් සියලු දෙනාට නිවසේ සිට රාජකාරි කිරීමට ඉඩ දී ඇති අතර නිවසින් බැහැරව යෑමට හැකියාව ඇත්තේ අත්‍යාවශ්‍ය රාජකාරියක් සඳහා පමණි.
යුරෝපා කලාපය බාර ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී වෛද්‍ය හාන්ස් ක්ලූග් බීබීසී පුවත් සේවය සමඟ එක් වෙමින් පෙන්වා දී ඇත්තේ, යුරෝපා කලාපයේ 'කොවිඩ් 19' ආසාදිතයන් සහ මරණ වැඩිවිම දිනෙන් දින ඉහළ යන බවත් ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු බවත්ය.
එන්නත්කරණ කටයුතු කඩිනම් කිරීම, මුහුණු ආවරණ පැලදීම සහ එන්නත් කාඩ්පත් 'වැක්සින් පාස්පෝට්' ලෙස භාවිතයට ගැනීම අනිවාර්ය බව ද හාන්ස් ක්ලූග් යුරෝපා කලාපීය රාජ්‍ය නායකයන්ට පෙන්වා දී තිබේ. දැඩි නිරෝධායන සීමා ක්‍රියාත්මක නොකළහොත් එළඹෙන වසන්තයට පෙර, යුරෝපා කලාපයෙන්, කොරෝනා මරණ පන්ලක්ෂයක් වාර්තා විය හැකි බව ද හාන්ස් ක්ලූග් අනතුරු අඟවා ඇත.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
’කොවිඩ්’ නිරෝධායන නීති: යුරෝපයේ විරෝධතා
Sayuri dahanayaka yapa Friday, 26 November 2021 05:09 PM
රට සිට මෙරටට පැමිණෙන අයට පවතින නව නිරෝධායන නීතිය කුමක්ද?