බලයෙන් නෙරපා දැමුණු සුඩාන අග්‍රාමාත්‍ය අබ්දුල්ලා හැම්ඩොක් ට යළි බලය ලබා දීමට සුඩානයේ හමුදා කුමන්ත්‍රණය මෙහෙයවූ ජනරාල් අබ්දෙල් ෆාටා අල් බුර්හාන් පියවර ගෙන ඇත.
සුඩානයේ හමුදා කුමන්ත්‍රණයක් සිදුවූයේ පසුගිය ඔක්තෝබර් 24 වැනිදාය. ඒ වනවිට රටේ අන්තර්වාර අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කරමින් සිටියේ හැම්ඩොක් ය.
හමුදාපති ජනරාල් අබ්දෙල් ෆාටා අල් බුර්හාන් කුමන්ත්‍රණය මෙහෙයවමින් හැම්ඩොක් බලයෙන් නෙරපා දැමුවේ ඔහු අත්අඩංගුවට ගෙන නිවාස අඩස්සියට පත් කිරීමෙනි.
කඩිනමින් මැතිවරණයක් පැවැත්වීමට හමුදාපතිවරයා වැසියන්ට පොරොන්දුවක් විය. එහෙත්, සුඩාන වැසියන්ගෙන් සහ ජාත්‍යන්තරයෙන් හමුදාපතිවරයාට දිගින් දිගටම බලපෑම් එල්ල වූයේ ප්‍රජාතන්ත්‍රවාදී රජයක් ස්ථාපිත කරන ලෙසය. ඒ අනුව, නව බලය බෙදා ගැනීමේ එකඟතාවකට අනුව, අග්‍රාමාත්‍ය අබ්දුල්ලා හැම්ඩොක් ට යළි ඔහුගේ ධුරය හිමිවිය.
වසර ගණනාවක් සුඩානයේ ජනාධිපති ලෙස කටයුතු කළේ ඕමාර් අල් බෂීර්ය. 2019 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් ද ඔහු ජයග්‍රහණය කළ නමුත් සුඩාන විපක්ෂ දේශපාලන කණ්ඩායම් හෝ එම දේශපාලන කණ්ඩායම්වලට සහාය දක්වන සුඩාන වැසියන් හෝ ඕමාර් අල් බෂීර්ගේ එම ජයග්‍රහණය පිළිගත්තේ නැත.
දිගින් දිගටම විරෝධතා එල්ල වෙද්දී, පාලක මණ්ඩලයකට බලය පවරා දී ඕමාර් අල් බෂීර් ධුරයෙන් ඉවත් විය. 2023 වසරේ යළි මැතිවරණයක් පැවැත්වෙන තුරු එම ස්වාධීන පාලක මණ්ඩලය යටතේ අන්තර්වාර රජයක් පිහිටුවිණි.
ඊට අමතරව හදිසි නීතිය ක්‍රියාවට නංවමින්, ස්වාධීන පාලක මණ්ඩලය විසුරුවා හැරීමට ද සුඩාන හමුදාව පියවර ගත් බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. සුඩානයේ අන්තර්වාර අග්‍රාමාත්‍යවරයා ලෙස අබ්දුල්ලා හැම්ඩොක් බලයට පත්වූයේ ඒ අනුවය.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
බලයෙන් නෙරපා දැමුණු සුඩාන අගමැති යළි බලයට