IMG-LOGO

කැනඩාවේ හදිසි තත්ත්වයක්

අයහපත් කාලගුණය හේතුවෙන් කැනඩාවට අයත් බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයට මහ වැසි, නායයෑම් සහ අධික සුළං හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇත.

මහා මාර්ග සහ දුම්රිය මාර්ග අවහිර වෙද්දී, මෝටර් රථ සහ දුම්රිය සිය ගණනක් ගමනාන්තවලට ළඟා වීමට නොහැකිව සිරවිය. වැන්කූවර් නගරය සහ දිවෙන මාර්ග බොහොමයක් අවහිර වී ඇති බැවින්, ආහාර ඇතුළු අ්‍යාවශ්‍ය භාණ්ඩ සැපැයුම් ජාල පවා අඩපණ වී ඇතැයි කැනඩා පුවත් සේවා පෙන්වා දෙයි.

බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්ත ආණ්ඩුකාර ජෝන් හෝගන් ප්‍රාන්ත වැසියන් අමතමින් කියා සිටියේ විපතට පත්වූන්ට ආධාර කිරීමට කැනඩා රජය ගුවන් හමුදාව යොදවා ඇති බවය. කෙසේ නමුත් ඇද හැලෙන මහ වැසි එම සහන සේවා කටයුතුවලට ද බාධාවක් එල්ල වී ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

නායයෑම් හේතුවෙන් මියගිය ගණන 10 ක් බවත්, පස් දෙනෙකු අතුරුදන් බවත් පැවැසෙයි. ගොවිපොල රැසක් විනාශ වී ඇති අතර හදිසියේ හටගත් ජල ගැලීම්වලට හසුවුණු ගවයක් මුදා ගැනීම ද සිදුවෙමින් පවතී. නායයෑම් සහ ජල ගැලීම් හේතුවෙන් අවතැන් වුණු ගණන දහසකට වැඩිය.

(රොයිටර්)



අදහස් (0)

කැනඩාවේ හදිසි තත්ත්වයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 510 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 325 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 490 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site