IMG-LOGO

කෘෂි පනත් අහෝසි කරයි

මතභේදාත්මක කෘෂි ප්‍රතිපත්ති තවදුරටත් ක්‍රියාත්මක නොකරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.

ඉන්දියාවේ ගොවීන් වසරකට වැඩි කාලයක් මුළුල්ලේ විරෝධතා පැවැත්වූ මතභේදාත්මක කෘෂි ප්‍රතිපත්ති තුනක් මෙලෙස ඉවත් කරගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තීරණය කර තිබේ.

“අද මම ඔබටත් මුළු රටටත් පවසන්නට පැමිණි කරුණක් තිබෙනවා. කෘෂිකාර්මික නීති තුනම ඉවත් කරගැනීමට අපි තීරණය කර තිබෙනවා” යැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා රට වැසියන් අමතමින් අද පෙරවරුවේ පැවැසීය.

මේ මස අගදී පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී අදාළ නීති ඉවත් කරගැනීමට අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග ගන්නා බව ද ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි කීවේ ය.

ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ දී මෙම නව නීති හඳුන්වා දුන් අතර කෘෂිකාර්මික ක්ෂේත්‍රයට ඇතුළත් පාලන සහ සීමා කිරීම් ඉවත් කිරීම්, රජය පාලනය යටතේ තිබෙන තොග වෙළෙඳපොළවල් හැර වෙනත් ගැනුම්කරුවන්ට කෘෂි නිෂ්පාදන අලෙවි කිරීමත් එහිදි ගොවීන්ට අවම මිලක් සහතික කිරීමත් යනාදිය අදාළ කෘෂිකාර්මික නීති/ප්‍රතිපත්තිවලට ඇතුළත් විය.

මෙම නව වෙනස්කම් හේතුවෙන් මහ පරිමාණ ව්‍යාපාරිකයන්ගේ තරගකාරීත්වයට තමන් ගොදුරු වන බවත් එමඟින් තමන් අවදානමටත් තර්ජනයටත් පත්වන බවත් ඉන්දියාවේ සුළු පරිමාණ ගොවීහු චෝදනා කළහ. මෙම නව නීති මඟින් තිරිඟු සහ සහල් සඳහා තිබෙන මිල සහාය ඉවත් වන බවට ද ඔවුහු චෝදනා කළහ.

කෘෂිකාර්මික ක්ෂේත්‍රයට නව අවස්ථා සහ ගොවීන්ට නව මිල ගණන් ගෙන ඒමේ අරමුණින් කෘෂිකාර්මික ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගත් බව ඉන්දීය ආණ්ඩුව එම අවස්ථාවේදී පැවැසීය.

ඉන්දියාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය එරට ආර්ථිකයෙන් සියයට 15කට ආසන්න ප්‍රමාණයකට හිමිකම් කියන අතර වටිනාකම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 2.7 ඉක්මවයි.

නව නීති ගෙන එන ලද්දේ කුඩා ගොවීන් වෙනුවෙන් වුවත් ඇතැම් ගොවීන්ට එය පෙන්වාදීමට ආණ්ඩුව අපොහොසත් වූ බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීය.

විශේෂයෙන්ම නව නීතිවලට විරුද්ධ වූ ගොවීන්ට නව නීති මඟින් ගෙනෙන වාසි පෙන්වා දීමට ආණ්ඩුව අපොහොසත් වූ බව ද හෙතෙම කීවේය.

කෙසේ වෙතත් සිය විරෝධතා ඉදිරියටත් කරගෙන යන බව ‌ගොවීහු පවසති.

“මෙය ගොවි විරෝධතා ව්‍යාපාරයේ ජයග්‍රහණයක්” යැයි ගොවී නායකයකු වන දර්ෂන් පාල් පැවැසීය.

“අපිට මේ ජයග්‍රහණය ලබාගන්න පුළුවන් වුණේ ගොවීන්ගේ එකමුතුකම, අඛණ්ඩව අරගල කිරීම නිසා. ගොවී ප්‍රජාවේ එකමුතුකම වෙනුවෙන් මම ඔවුන්ට කෘතඥ වෙනවා. ඒ වගේම සුබපැතුම් එක් කරනවා. අවසානයේදී ඔවුන්ගේ අරගලය ජයග්‍රහණය කළා” පාල් අල්ජසීරා පුවත් සේවයට පැවැසීය.

“අවසානයේදී වසරක අරගලයකින් පස්සේ අපි ජයග්‍රහණය කළා. භාරතීය ජනතා පක්ෂයේ තාඩ පීඩන නිසා 700කට වැඩි ගොවීන් පිරිසක් දිවි පිදුවා. අවසානයේ දී ගොවීන් ජයග්‍රහණය කළා” යැයි ද ඔහු තවදුරටත් කීවේ ය.

(අල්ජසීරා සහ විදෙස් පුවත් සේවා)



අදහස් (0)

කෘෂි පනත් අහෝසි කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 511 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 325 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 490 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site