IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


කොරෝනා පෙත්ත නිපදවන්න රටවල් 95 ක් සමඟ ගිවිසුම්

කිසිදු ලාභයක් ගැන නොසිතා තමන් නිපදවූ 'කොවිඩ් 19' පෙත්ත, සංවර්ධනය වෙමින් පවතින රටවල් 95 ක් සමඟ එක්වී, නිෂ්පාදනය කිරීමටත් විකිණීමටත් අවසර ලබා දෙන බව ඇමෙරිකාවේ 'ෆයිසර්' සමාගම පවසයි.

'ෆයිසර්' සමාගම, මෙම බෙහෙත් පෙත්ත නිෂ්පාදනය සහ විකිණීම සම්බන්ධයෙන් ඊට අදාල ගිවිසුම් අත්සන් කිරීම සිදු කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් 'මෙඩිසින්ස් පේටන්ට්' සමාගම සමඟ හවුල් වෙමිනි. ඒ අනුව ඉදිරියේ දී සංවර්ධනය වෙමින් පවතින රටවල ඖෂධ සමාගම් සමග එක් වී මෙම බෙහෙත් පෙති නිපදවීම සිදුවුනු ඇත.

'ෆයිසර්' සමාගමේ මෙම 'කොවිඩ් 19' පෙත්ත හැඳින්වෙන්නේ 'පැක්ස්ලොවිඩ්' යන වෙ‍ෙළඳ නාමයෙනි. මෙතෙක් සම්පූර්ණ කළ සායනික පර්යේෂණවලදී 'පැක්ස්ලොවිඩ්' සාර්ථක පෙන්නුම් කර ඇත්තේ 'කොවිඩ් 19' ආසාදිතයන් කඩිනමින් සුවපත් කරමිනි.

'ෆයිසර්' සමාගම පවසන ආකාරයට වෛද්‍ය උපදෙස් අනුව, 'කොවිඩ් 19' ආසාදිතයන්ට නිවසේ සිට 'පැක්ස්ලොවිඩ්' භාවිතයට ගැනීම කළ හැකිය. ඖෂධය භාවිතයට ගැනීමෙන් රෝහල්ගතවීමට ඇති ඉඩකඩ ද අවහිර වන බව 'ෆයිසර්' සමාගම පවසයි.

'කොවිඩ් 19' ලොව පුරා ව්‍යාප්ත වෙද්දී, එය අඩපණ කිරීමට එන්නතක් සොයා ගැනීමේ තරගයක් පැවැත්වෙද්දී, මෙ‍ෙතක් නිපදවා ඇති, නිපදවමින් පවතින සහ පර්යේෂණ මට්ටමේ පවතින ඖෂධ කොරෝනා රෝගීන්ට ලබා දෙමින් ඔවුන් ඉක්මනින් සුවපත් කිරීමටත්, ඔවුන් මරණින් ගලවා ගැනීමටත් වෛද්‍ය පර්යේෂකයෝ උත්සහ ගත්හ. ඊට අමතරව, කොරෝනා ආසාදිතයන් සුවපත් කිරීමේ අරමුණින්, නව ඖෂධ නිෂ්පාදනයට ද ලොව ප්‍රධාන පෙළේ ඖෂධ සමාගම් යොමු විය.

එහි ප්‍රතිඵලයක් ලෙස, 'කොවිඩ් 19' වසංගතය ආරම්භ වී වසර දෙකක් පමණ ගතවෙද්දී, අදවනවිට විවිධාකාරයේ ඖෂධ වර්ග කොරෝනා රෝගීන් සඳහා නිර්මාණය වී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. පෙති, කරල්, ඉන්හේලර් (ආඝ්‍රානක) සහ නේසල් ස්ප්‍රේ (නාසික දියර ඉසින) එම ඖෂධ අතර වෙයි.

මේවා වෛද්‍ය උපදෙස් මත නිවසේ සිට ලබා ගැනීමට හැකි ලෙස නිපදවා ඇත. එසේ වුවත්, මේවා තවමත් පර්යේෂණ මට්ටමේ පවතින අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නැත.

'ෆයිසර්' සමාගමේ 'පැක්ස්ලොවිඩ්' බෙහෙත් පෙත්ත ඇමෙරිකාවේ 'මර්ක්' නමැති ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවන වයිරසනාශක බෙහෙත් කරලක් වන 'මොල්නුපියවියර්' ඖෂධයට සමාන බව ද පැවැසෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ හෝ ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ හෝ අනුමැතිය ලැබී නැතත්, 'මොල්නුපියවියර්' හදිසි භාවිතයට සුදුසු යැයි බ්‍රිතාන්‍ය ඖෂධ පාලන අධිකාරිය නිර්දේශ කර තිබේ. ඊට අමතරව, තවත් රටවල් කීපයක් ද  'මොල්නුපියවියර්' මිලදී ගැනීමට සූදානමින් පසුවන බව ද වාර්තා වේ.

(රොයිටර්)



අදහස් (2)

කොරෝනා පෙත්ත නිපදවන්න රටවල් 95 ක් සමඟ ගිවිසුම්

chandima Thursday, 18 November 2021 06:00 AM

රටවල් 95ක් ගිවිසුම් ගැහැව්වත් වපට ගිවිසුම් ගහන්න වෙන්නේ නැතිවෙයි.

:       0       0

stg Thursday, 18 November 2021 10:01 AM

අපිට නැද්ද චාන්ස් එකක්

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 621 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2310 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site