
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් කරමින් මෙරට දේපල වෙළෙඳාම් සමාගමක් විසින් කළ වැඩිම විකිණුම් ආදායම සටහන් කර ඇත.මෙයට ආයතනයේ නවතම ව්‍යාපෘතිය වන ‘Pentara Residencies - Thummulla Handiya ’ ව්‍යාපෘතියේ අති සාර්ථකත්වය මෙම ජයග්‍රහණයට ඉවහල් විය.
මෙය Home Lands වෙළෙඳ නාමයේ ශක්තියට පමණක් නොව, දේශීය හා විදේශීය පාරිභෝගිකයින් විසින් Home Lands මත තැබූ විශ්වාසය සඳහා ද මෙය ජයග්‍රහණයක් වේ. 2025 ජුනි මාසයේ මෙය සටහන් වූයේ ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ඉතිහාසයේ නව ආදායම් වාර්තාවක් ලෙසය.
එමෙන්ම, Home Lands ආයතනය 2025 මුල් භාගය තුළදී රු. බිලියන 25 විකිණුම් ආදායමක් ලබා ඇති අතර, එය 2024දී ලැබූ වාර්ෂික ආදායම වන රු. බිලියන 31න් 80%කට වැඩි ප්‍රමාණයකි.මේ අනුව මෙම වර්ෂයේ අවසානය වන විට පසුගිය වර්ෂවල වාර්තා සියල්ල අභිබවා යා හැකිබව ඔවුන් පවසා සිටියි.
වසර 20කට වඩා වැඩි කාලයක් දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයට කැපී පෙනෙන ගුණාත්මක සේවාවන් ලබාදී ඇති Home Lands විශ්වාසය, නවෝත්පාදන හා උසස් ප්‍රමිතීන් රැකගනිමින් , ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රය නැවුම් මාවතකට ඔවුන් ගෙනයමින් සිටියි. Home Lands සමාගම ගුණාත්මක ව්‍යාපෘති ලබාදීමෙන් පමණක් නොව එහි පාරදෘශ්‍යභාවය සහ පාරිභෝගිකයා මූලික කරගත් විශිෂ්ට සේවාවන් ලබාදීම නිසාද දේශීය හා විදේශීය පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට වසර ගණනාවක් පුරාවට සමත්ව ඇත.
මෙම නවතම සාර්ථකත්වය, දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් ඉහළට ඔසවා තබමින් තරඟකාරී වෙළෙඳපලට විශිෂ්ට හා නැවුම් වටිනාකමක් සපයන්නට Home Lands සමාගම දැක්වූ කැපවීම මෙයින් කැපී පෙනේ. Home Lands සමාගම ඔවුන්ගේ උසස් ප්‍රමිතීන් එළෙසම පවත්වා ගනිමින්, ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම පිළිබඳ නැවුම් අත්දැකීම් තම පාරිභෝගිකයන්ට ලබා දීම ඔවුන්ගේ අරමුණයි.
2025 දෙසැම්බර් මස 04
350
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
402
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands