IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

  • 2025 වර්ෂය සඳහා මුළු ශිෂ්‍යත්ව වටිනාකම රු. මිලියන 24.7 ක්

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන්  දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ලාභ ලබන රාජ්‍ය ආයතනයක් පමණක් නොව තම සමාජ වගකීම් අවබෝධ කර ගෙන තම ව්‍යාපාර මෙහෙයුම් ක‍්‍රියාත්මක වන වපසරයේ වැඩි දියුණුවට ක‍්‍රියා කරන වගකිවයුතු ආයතනයකි.

SLIC ලයිෆ් විසින් රට පුරා සිටින සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ගේ දරුවන් සඳහා 2014 දී ‘ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කරන ලදී. මෙම ශිෂ්‍යත්ව ක‍්‍රමය මේ දක්වා රු. මිලියන 240කට  වඩා වටිනාකමකින් යුත් මූල්‍යමය ශිෂ්‍යත්ව 2200කට අධික ප‍්‍රමාණයක් ප‍්‍රදානය කර ඇත. 2023 වර්ෂයේ 5 වසර  ශිෂ්‍යත්වය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ විභාගවලින් විශිෂ්ට දස්කම් දැක්වූ සිසුන් 225 දෙනෙකුට මෙවර ශිෂ්‍යත්ව ක‍්‍රමය මඟින් මූල්‍යමය ශිෂත්ව පිරිනමන ලදී. 

විභාග තුනෙන්ම ඉහළම ශේණිගත කිරීම් මත සිසුන් 75ක් තෝරා ගත් අතර මුළු සිසුන් සංඛ්‍යාව 225 ක් වේ. 5 ශේණිය ශිෂ්‍යත්වය සහ අ.පො.ස. සාමාන්‍ය පෙළ, දිස්ත‍්‍රික් ජයග‍්‍රහණ අනුව සුදුසුකම් ලබා ගත් අය තෝරා ගන්නා ලද අතර අ.පො.ස. උසස් පෙළ අයදුම්කරුවන් සඳහා ජාතික මට්ටමේ ජයග‍්‍රහණ මත තෝරා ගැනීම් සිදු කරන ලදී.

වසර පහක් සඳහා රු. 20,000 ක් ද, වසර දෙකක් සඳහා රු. 40,000 ක් ද, වසර තුනක් සඳහා රු. 50,000 ක් ද බැගින් පිළිවෙලින්  5 වසර  ශිෂ්‍යත්වය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස උසස් පෙළ විභාගවලින් සුබ පැතුම් ශිෂ්‍යත්වය සඳහා සුදුසුකම් ලැබු  සිසුන් සඳහා ප‍්‍රදානය කෙරේ. මෙම ශිෂ්‍යත්වය සඳහා මුලූ වටිනාකම රු. මිලියන 24.7 ක් වේ. 

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය 2025 ජූලි 23 වන දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි අධ්‍යක්ෂ මණ්ඩලය, සභාපති, ප‍්‍රධාන නිලධාරීන්  සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව ඇතුලූ ශිෂ්‍යත්ව ලාබී සිසුන්ද සහ ඔවුන්ගේ දෙමව්පියන්ද සහභාගී විය.

‘පියෙකු මෙන් මවකු මෙන්‘ යන සන්නාම පොරොන්දුව කේන්ද්‍ර කර ගනිමින් ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් රටේ අභිවෘද්ධිය සඳහා නොයෙකුත් වැඩසටහන් ක‍්‍රියාත්මක කර  ඇති අතර ඒ තුලින් මෙරට ජනතාව සමඟ සමීප සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඇත. 

දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැඩසටහන් බොහොමයක් ක‍්‍රියාත්මක කර ඇති අතර ලෝක ළමා දිනය සැමරීම සඳහා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස්  රුපියල් මිලියනයක වටිනාකමකින් යුත් ජීවිත රක්ෂණ ආවරණයක් අලූත අලූත උපන් බිළිඳුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා ලෝක ළමා දිනයෙදී උපත ලබන සියලූම දරුවන්ගේ දෙමාපියන්ට 2022 වර්ෂයේ සිට නොමිලේ ප‍්‍රදානය කිරීමට කටයුතු කර ඇත. ‘පාසල් පිරියත සුරකිමු‘ වැඩ සටහන තුලින් දරුවන්ට ප‍්‍රසන්න පාසල් පරිසරයක් ලබා දීම සඳහා අඩු වරප‍්‍රසාද සහිත පාසල් වලට  යටිතල පහසුකම් ලබා දීමට කටයුතු කරන අතර මෙම වැඩසටහන තුලින්  මේ දක්වා පාසල් 3365ක් ප‍්‍රතිලාභ ලබා ඇත. මීට අමතරව සංස්කෘතික පෙරහැරවල් සඳහා දායකත්වය ලබා දෙන අතර පොසොන් සමයේ අනුරාධපුර පුදබිමට පැමිණෙන වන්දනාකරුවන්ට සේවා සැපයීමට බැඳී සිටින අතර මෙම පුණ්‍ය කටයුත්ත සඳහා අවුරුදු තිහකට අධික කාලයක් පුරාවට තම දායකත්වය ලබා දී තිබේ. 

වසර 60 ක විශිෂ්ටත්වය  සමරන ශ‍්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් මෙරට දැවැන්තම සහ ශක්තිමත්ම රක්ෂකයා ලෙෂ තම ස්ථානය තවදුරටත් තහවුරු කරමින්, සිය වත්කම් පදනම රුපියල් බිලියන 238.6 දක්වා පුළුල් කරගැනීමට සමත් වූ අතර, එහි ජීවිත අරමුදලද රුපියල් බිලියන 213.2 දක්වා වර්ධනය කර ගන්නා ලද අතර මෙය රක්ෂණ ක්ෂේත‍්‍රයේ විශාලතම ජිවිත අරමුදලයි.



අදහස් (0)

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 350 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 402 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site