IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


කොළඹ බාලිකාව සිසුවියෝ පස් දෙනෙක් මත් පෙති බීලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක සිසුවියන් පස්දෙනකු මත්පෙති පානය කර සිටියදී සිය බාරයට ගත් බව මරදාන පොලිසිය කියයි.

එම සිසුවියකට මත්පෙති අලෙවි කළ බව කියන පුද්ගලයකුද මත් පෙති දෙකක් සමග පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

විදුහල්පතිනිය  තම විදුහලේ 09 වසරේ ඉගෙනුම ලබන සිසුවියන් පිරිසක් මත් පෙති පානය කර ඇති බවට දුරකථනයෙන් කරන ලද දැනුම් දීමක් අනුව එහි ගිය පොලිස් නිලධාරීන් කීප දෙනකු එලෙස හඳුනාගත් සිසුවියන් පස්දෙනකු පොලිස් ස්ථානය වෙත රැගෙන ආ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

එම සිසුවියන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී එම සිසුවියන් අතර සිටින එක් සිසුවියක් තමන්ට මත් පෙති ලබා දුන් බවට සිසුවියන් සිව් දෙනකු ප්‍රකාශ කළ ඇත.

ඒ අනුව එම සිසුවියගෙන් ප්‍රශ්න කිරීමේදී පළමු වරට මත් පෙති තුනක් පාසල වෙත ගෙන ගොස් එම පෙති තුනෙන් එකක් තමා පානය කළ බවත් අනෙක් මත් පෙති දෙක මිතුරියන් දෙදෙනකුට ලබා දුන් බවත් ඔවුන් ඒවා වැසිකිළිය තුළදී පානය කළ බවත් එම මිතුරියන්ගේ ඉල්ලීම මත නැවතත්  මත් පෙති 03 ක් පාසල වෙත රැගෙන විත් 02 ක් මිතුරියක් වෙත ලබා දුන් බවත් ඇය ඒවා පානය කළ බවත් පසුව තවත් දින දෙකක් මත්පැති දෙක බැගින් පානය කළ බවත් එම මත් පෙති මට්ටක්කුලිය මල් වත්ත ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් මිලදී ගත් බවත් ප්‍රකාශය කර ඇත.  

 



අදහස් (1)

කොළඹ බාලිකාව සිසුවියෝ පස් දෙනෙක් මත් පෙති බීලා

Bunny Preena Monday, 28 July 2025 08:58 AM

අපරාදේ හොඳට හැදුන ගුණවන්ත ළමයි ටිකක්.

:       9       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 350 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 402 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site