IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


යටිනුවර ත්‍රිපුද්ගල මරණයට කෝටිපති ව්‍යාපාරිකයෙක්ගෙන් ප්‍රකාශයක්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චම්පික නිලන්ත විජේරත්න මහතා සියදිවි නසා ගැනීමට කලින් ලියා තිබූ පිටු පහක ලිපියෙන් මෙම සිද්ධියට වගකිවයුතු බවට චෝදනා නගා තිබූ මහනුවර කෝටිපති ව්‍යාපාරිකයාගෙන් විශේෂ පොලිස් කණ්ඩායමක්  පැය හතරකට ආසන්න කාලයක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශයක් ගත් බව පොලිසිය සඳහන් කරයි.

කෝටිපති ව්‍යාපාරිකයාට කරන ලද දැනුම් දීමක් අනුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පත් කර තිබෙන ගම්පොළ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂ පොලිස් කණ්ඩායම හමුවේ ඊයේ උදේ එකොළහට පමණ පෙනී සිට ඇති අතර එම ප්‍රශ්න කිරීම් සවස තුන දක්වා සිදු කළ බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.

සිද්ධියට අදාළව ප්‍රශ්න කර ප්‍රකාශය ලබා ගැනීමෙන් අනතුරුව එම කෝටිපති ව්‍යාපාරිකයා මුදාහළ බව පොලිසිය කියයි.

පිළිමතලාව ප්‍රදේශයේ ඉපැරණි වලව්වක් විකිණීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා සහ මෙම කෝටිපති ව්‍යාපාරිකයා අතර ආරවුලක් තිබී ඇති අතර වලව්ව සහිත ඉඩම මතක දී කෝටි දෙකහමාරකට විකුණා ඇතත් එය කෝටි පහකට විකිණීමට බලාපොරොත්තු ව සිට ඇතැයි පරීක්ෂණවලින් තොරතුරු හෙළි වී ඇතැයි පොලිසිය සඳහන් කළේය.

 



අදහස් (2)

යටිනුවර ත්‍රිපුද්ගල මරණයට කෝටිපති ව්‍යාපාරිකයෙක්ගෙන් ප්‍රකාශයක්

Chathuri Friday, 01 August 2025 01:31 AM

අද මේ තත්වය මේ පව්ලට උදාවුනේ. ණය බර නිසා. දැන් ඉස්සර වගේ නෙමේනේ මන්ත්‍රි, ඇමැති වුණත් වැඩක් නැහැ. දැන් කප්පම් ගන්න බැහැ. හොරා කන්නත් බැහැ. අද සජිත් ජනාධිපති වුණා නම් මේ පව්ල අදටත් ජීවත් වෙනවා. මොකද ජනතාවගේ මුදල්... ජනාධිපති අර මුදලේ මුදල් මේ සේරම තමන්ට කැමැති විදියට ගන්න... පුළුවන් දැන් ඉතින්... මැරෙන්න තමයි වෙන්නේ. වෙන මොනවා කරන්නද? තවත් මේ වගේ මරණ සිදුවෙයි... මැති ඇමැතිවරුන්ගේ... රටක නීතියක් දැන් තියෙනවා. මොන විදියටවත් හොරා කන්න බැහැ. ඉස්සර දාපූ ශෝ දැන් දාන්න ණයට තමයිගන්න වෙන්නේ... මේ වගේ අයට ණයට නොදී ඉන්න පරිස්සම් වෙන්න...!

:       8       17

ගුණරත්නFriday, 01 August 2025 05:48 PM

කාට හරි ජේපි මානසිකත්වය මොකක්ද කියලා තේරුම් ගන්න මේ චතුරි නෝනාගේ උත්තරය කියවන්න. එතුමිය පරමාදර්ශීය ජෙප්පියක්. කුහක ජෙපිකම උතුරනවා. මේ වගේ අවස්ථාවක මෙහෙම කමෙන්ට් දාන්නත් පුළුවන් ඔය විදිහේ උන්ටම තමයි.

:       10       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 298 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 646 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site