තමන් 'කොවිඩ් 19' ආසාදිතයකු බව ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරිය 42 හැවිරිදි ජෙන් සාකී නිවේදනය කළාය.
සාකී නිකුත් කළ නිවේදනයට අනුව, ඇය අවසන් වරට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සමඟ සබඳතා පැවැත්වූ බව පැවැසෙන්නේ මීට සතියකට පෙර පසුගිය අඟහරුවාදාය.
එම අවස්ථාවේදී තමා මෙන්ම ඇමෙරිකන් ජනාධිපති බයිඩන් ද මුහුණු ආවරණ පැලඳ අඩි 6 කට වඩා දුරින් සිටි බව ද ලේකම්වරිය පැහැදිලි කර තිබේ. ජෝ බයිඩන් සහ බිරිඳ ජිල් බයිඩන් පසුගිය දා රෝමයේ 'ජී20' සමුළුවට සහභාගී වූහ. බයිඩන් යුවළ ශුද්ධෝත්තම පාප්තුමන් ද හමුවූහ.
'ජී20' සමුළුවෙන් පසු ජනාධිපති බයිඩන් ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් නුවර පැවැත්වෙන 'කොප්26' සමුළුවට සහභාගී වෙයි. ධවල මන්දිරය පවසා ඇත්තේ ජනාධිපති බයිඩන් සහ ආර්යාව ජිල් නිරන්තරයෙන් 'කොවිඩ් 19' පරීක්ෂණවලට ලක් කෙරෙන බවය.
පසුගිය සෙනසුරාදා ද බයිඩන් 'කොවිඩ් 19' පරීක්ෂාවට ලක් කෙරුණු බවත්, ඔහු ආසාදිතයකු නොවන බව එම අවස්ථාවේදී තහවුරු වූ බවත් ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
(රොයිටර්)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරියට කොවිඩ්