IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


තලේබාන් සංවිධානයට සුජාතභාවයක් ඕනෑ

ජාත්‍යන්තරයේ පිළිගැනීම ලබාගැනීමට පෙර තලේබාන් සංවිධානය රට සුජාතභාවය සහ නිත්‍යනුකූලභාවය ඇති කරගත යුතු යැයි ද ඇෆ්ගනිස්තානයේ හිටපු ජනාධිපති හමීඩ් කර්සායි ඉකුත් දා පැවැසීය.

‘වොයිස් ඔ‌ෆ් ඇමෙරිකා’ පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇෆ්ගනිස්තානයේ හිටපු ජනාධිපතිවරයා ඒ බව පවසා ඇත.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානය තුළ පිළිගැනීමට ලක්වීමත් රට තුළ සිය සුජාතභාවය සහ නීත්‍යනුකූලභාවය ඇති කරගැනීමටත් මැතිවරණයක් පැවැත්විය යුතු බවත් එසේ නැතිනම් නෛතික මන්ත්‍රණ සභාවක් වන ‘ලෝයා ජිර්ගාවේ’ බලය තහවුරු කරගත යුතු බවත් හෙතෙම කීය.

රටේ පාලනය පවත්වාගෙන යෑමට නම් ඇෆ්ගනිස්තානයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව ද ඔහු කීවේ ය.

“ජාතික වශයෙන් සුජාතභාවය සහ නීත්‍යනුකූල පිළිගැනීම මෙන්ම ජාත්‍යන්තරයේ පිළිගැනීම ඉතාම වැදගත්. ඒ නිසා ඒ සඳහා පියවර ගන්න අවශ්‍ය යි. මුලින්ම කළ යුත්තේ රට තුළ සුජාතභාවය සහ නීත්‍යනුකූල පිළිගැනීම ඇති කරගැනීම. ඒ සඳහා මැතිවරණයක් පැවැත්විය යුතු යි. නැතිනම් ලෝයා ජිර්ගාව කැඳවන්න අවශ්‍ය” යැයි ද ඔහු තවදුරටත් පැවැසීය.

(ඒ.එන්.අයි.)



අදහස් (0)

තලේබාන් සංවිධානයට සුජාතභාවයක් ඕනෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 632 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2314 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site