IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


කොරෝනා කරල දිළිඳු රටවලටත් ලැබෙන ළකුණු

'කොවිඩ් 19' ආසාදිතයන් කඩිනමින් සුවපත් කිරීමට හැකියාව ඇතැයි පැවැසෙන, 'මොල්නුපියවියර්' බෙහෙත් කරල දිළිඳු රටවලට ලබා දීමේ අරමුණින්, එම බෙහෙත් කරල නිපදවන ඇමෙරිකාවේ 'මර්ක්' ඖෂධ නිෂ්පාදන සමාගම නව ගිවිසුමකට අත්සන් තැබුවේය.

'මොල්නුපියවියර්' බෙහෙත් කරලට තවමත් ඇමෙරිකන් ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ හෝ වෙන කිසිදු රටක ඖෂධ පාලන අධිකාරියක හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හෝ ඇනුමැතිය ලැබී නොමැත.
එසේ වුවත්, සියලු දෙනාගේ විශ්වාසය වී ඇත්තේ කරලට කඩිනමින් අනුමැතිය හිමිවනු ඇති බවය. ඊට හේතුව මෙම කරල අතුරු ආබාධ අවම කිරීමත්, වෛද්‍ය උපදෙස් මත නිවසේ දී භාවිතයට ගත හැකි වයිරස නාශක ඔසුවක් වීමත් නිසාය.

ඇමෙරිකාවේ ඖෂධ සඳහා අනුමැතිය ලබා දෙන ඇමෙරිකන් ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය, යුරෝපා රටවල් සඳහා ඖෂධ අනුමත කරන යුරෝපා ඖෂධ පාලන අධිකාරිය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එක් වී, 'මොල්නුපියවියර්' සම්බන්ධයෙන් සායනික දත්ත ලහිලහියේ අධ්‍යයනය කරන බවත් ඉතාමත් ඉක්මණින් ඊට අනුමැතිය ලැබෙනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ වනවිටත් ලොව ධනවත් රටවල් රැසක්, 'මොල්නුපියවියර්' බෙහෙත් කරල මිලදී ගැනීමට ඇණවුම් ලබා දී ඇතැයි ද වාර්තා වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය 'මොල්නුපියවියර්' සඳහා හිමිවුණු සැණින් එම ගනුදෙනු ආරම්භ වනු ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත්තේ 'මොල්නුපියවියර්' ඖෂධය දිළිඳු රටවල කොරෝනා රෝගීන් වෙනුවෙන් ද ලැබිය යුතු බවය. ඇමෙරිකාවේ 'මර්ක්' ඖෂධ නිෂ්පාදන සමාගම මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති අතර, ඔවුන් කොන්දේසි විරහිතව 'ගෝලීය ඖෂධ පේටන්ට් සමූහය' සංවිධානය සමඟ ගිවිසුම් අත්සන් කර තිබේ. ඒ, දිළිඳු රටවලට 'මොල්නුපියවියර්' ලබා දීම සම්බන්ධයෙනි.

'ගෝලීය ඖෂධ පේටන්ට් සමූහය' සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධාන ජාලයට අයත් සංවිධානයකි. 'මර්ක්' ඖෂධ නිෂ්පාදන සමාගම මෙසේ කොන්දේසි විරහිතව ලාබ අපේක්ෂා නොකර, දිළිඳු රටවලට ද 'මොල්නුපියවියර්' ලබා දීමට කැමැත්ත පළ කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද පැසැසුමට හේතුවක් වී ඇත.

'මර්ක්' සමාගම පෙන්වා දෙන්නේ, 'මොල්නුපියවියර්' ඖෂධය භාවිතයට ගනිද්දී 'කොවිඩ් 19' රෝගීන් රෝහල්ගත කිරීමක් අවශ්‍ය නොවනු ඇති බවය. 'මොල්නුපියවියර්' 'කොවිඩ් 19' නිසා මරණයට පත් වීම ද අවම කරයි. 'මර්ක්' යනු ලොව ප්‍රකට ඖෂධ නිෂ්පාදන සමාගමක් වන අතර, බොහෝ දෙනා එදිනෙදා භාවිතයට ගන්නා ඖෂධ රැසක් නිෂ්පාදනය කරන්නේ ද මෙම සමාගමය.

(රොයිටර්)



අදහස් (0)

කොරෝනා කරල දිළිඳු රටවලටත් ලැබෙන ළකුණු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 87 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 805 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site