ඉන්දියාව 'අග්නි 5' යනුවෙන් නම් කළ දිගු දුර මිසයිලය සාර්ථකව අත්හදා බැලුවේය. න්‍යෂ්ටික යුද ශීර්ෂයක් සවි කළ හැකි මෙම මිසයිලයට කිලෝ මීටර් 5,000 ක දුරක පිහිටි ඉලක්කයක් වෙත පහසුවෙන් ළඟා විය හැකි බව පැවැසෙයි.
'අග්නි 5' මිසයිලය, භූමියේ සිට ගුවනට විදිය හැකි මිසයිලයකි. ඉන්දියාව මෙසේ හිටිහැටියේ, මෙම මිසයිලය අත්හදා බලමින් ඔවුන්ගේ යුද ශක්තිය ලොවට පෙන්වූයේ චීනයට අභියෝග කරමින් යැයි විදෙස් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
චීනය පසුගිය දා 'හයිපර් සොනික්' ආයුධ පද්ධතියක් සාර්ථකව අත්හදා බැලුවේය. මෙම අත්හදා බැලීම, ඉන්දියාව මෙන්ම ඇමෙරිකාව ද කනස්සල්ලට පත් කිරීමට හේතුවක් විය. ඇමෙරිකන් හමුදාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී ජනරාල් මාර්ක් මයිලී මාධ්‍ය පැහැදිලි කර ඇත්තේ චීනය ඔවුන්ගේ 'හයිපර් සොනික්' ආයුධ පද්ධතිය සාර්ථකව අත්හදා බැලීම, රුසියාව ලොව පළමු චන්ද්‍රිකාව වූ 'ස්පුට්නික් 1' පෘථිවි කක්ෂයට යැවීම හා සමාන ඓතිහාසික සිදුවීමක් බවය.
ඉන්දියාවේ 'අග්නි 5' මිසයිලය අයත් වන්නේ මහද්වීපයකින් තවත් මහද්වීපයකට විදිය හැකි ආකාරයේ අන්තර් බැලැස්ටික් මිසයිලයක් ලෙසය. 'අග්නි 5' අත්හදා බැලීම සිදුවූයේ ඔඩිස්සා වෙරළ තීරයට ඔබ්බෙන් පිහිටි අබ්දුල් කලාම් දූපතේ මිසයිල අත්හදා බැලීම් සිදු කරන මධ්‍යස්ථානයේ සිටය.
ඉන්දියාව මීට පෙර අවස්ථා කීපයකදී ද 'අග්නි 5' මිසයිලය අත්හදා බලා ඇත. පළමුවෙන් 'අග්නි 5' මිසයිලය අත්හදා බැලුවේ 2012 වසරේදීය. කෙසේ නමුත් 'අග්නි 5' මිසයිලයට ඉතාමත් නිවැරදි ලෙස කිලෝමීටර් 5,000 ක දුරක ඉලක්කයට යා හැකි වූ පළමු අවස්ථාව මෙය යැයි ඉන්දීය හමුදාව පෙන්වා දෙයි.
'අග්නි' යන නමින් නම් කළ දිගු දුර මිසයිල රැසක් ඉන්දියාව සතුවය. මේවා ඉන්දීය තාක්ෂණයෙන් නිපදවූ මිසයිලය. 'අග්නි 1' මිසයිලයට යා හැක්කේ කිලෝ මීටර් 700 ක දුරකි. 'අග්නි 2' මිසයිලයට කිලෝ මීටර් 2,000 ක දුරක් සහ 'අග්නි 3' සහ 'අග්නි 4' යන මිසයිලවලට කිලෝ මීටර් 2,500 ක හෝ 3,500 ක දුරකට යා හැකි බව පැවැසෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
632
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2314
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාව අති ප්‍රබල මිසයිලයක් අත්හදා බලයි