ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඇෆ්ගන් මුදල් ඒකකය අවප්‍රමාණය වීමත් භාණ්ඩවල මිල ගණන් ඉහළ යෑමත් හේතුවෙන් කාබුල් වැසියන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දී ඇතැයි ඇෆ්ගනිස්තාන මාධ්‍ය වාර්තා කරයි.
ඉකුත් දින කිහිපයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඇෆ්ගන් මුදල් ඒකකය අඛණ්ඩව අවප්‍රමාණය වී තිබෙන මේ හේතුවෙන් භාණ්ඩවල මිල ගණන් වේගයෙන් ඉහළ ගොස් ඇතැයි ද ඒ නිසා ව්‍යාපාර කටයුතු අඩු වී ඇතැයි ද වාර්තා වේ.
ඔක්තෝබර් මාසයේ තෙවැනි සතිය වනවිට ඇමෙරිකානු ඩොලරයක් ඇෆ්ගානි 90ක් දක්ව පහළ ගොස් ඇතැයි ඇෆ්ගනිස්තාන මාධ්‍ය වාර්තා කරයි.
මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නැයි කාබුල් වැසියන් ඇෆ්ගනිස්තාන මහ බැංකුවට බල කර ඇතැයි ද වාර්තා වේ.
ඇෆ්ගනිස්තානය සාමාන්‍යයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 8.5ක ආසන්න භාණ්ඩ තොගයක් ආනයන කරන බවත් එම භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඩොලර් භාවිත කරන බවත් එම වාර්තාවල දැක්විණි.
(ඒ.එන්.අයි.)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
කාබුල් වැසියෝ කබලෙන් ලිපට