
රට ආහාර අර්බුදයකට මුහුණ පා ඇති බැවින් 2025 වසර වනතුරු අඩුවෙන් ආහාර ගන්නැයි උතුරු කොරියානු නායක කිම් ජොන් උන් එරට වැසියන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
උතුරු කොරියාවේ ආහාර අර්බුදය මේ වනවිට උත්සන්න වී ඇත්තේ උතුරු කොරියාව 2020 වසරේ සිට දේශසීමා වසා දමා ඇති බැවිනි. දේශසීමා වසා දැමීම සිදුවූයේ 'කොවිඩ් 19' වයිරසය ව්‍යාප්තවීම වළක්වා ගැනීමටය.
උතුරු කොරියාවේ සමීපතම අසල්වැසියන් වන්නේ දකුණු කොරියාව චීනය සහ රුසියාවය. එයින් ද උතුරු කොරියාව සමීප සබඳතා පවත්වන්ගේන් ගනුදෙනු සිදු කරන්නේත් චීනය සහ රුසියාව සමඟය.
'කොවිඩ් 19' වයිරසය චීනයෙන් ආරම්භ වූ අවස්ථාවේදී ම, උතුරු කොරියාව සිය දේශ සීමා වසා දමා හුදෙකලා විය. අදවනවිටත් උතුරු කොරියාවෙන් කිසිදු 'කොවිඩ් 19' ආසාදිතයකු වාර්තා වී නැත.
දේශසීමා වසා දැමීමත් සමඟ උතුරු කොරියාව මේ වනවිට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙයි.
රට තුළ ආහාර සම්බන්ධයෙන් පවතින ගැටලු කඩිනමින් විසඳා ගත යුතු යැයි නායක කිම් ජොන් උන් අදාළ බලධාරීන්ට උපදෙස් දි ඇති අතර, එම බලධාරීන් පෙන්වා දී ඇත්තේ වසර 2025 වනතෙක් ආහාර අර්බුදයේ බලපෑම උතුරු කොරියානුවන්ට දැනෙනු ඇති බවය. 2025 වසර තෙක් අඩුවෙන් ආහාර ගන්නැයි උතුරු කොරියානු නායකයා ඉල්ලා ඇත්තේ මේ නිසාය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
632
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2314
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 වනතුරු බඩ පිරෙන්න කන්න එපා