ජපාන මහ මැතිවරණයෙන් බලයේ සිටින පාලක 'ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී' පක්ෂයට පහසු ජයක් හිමිවිය. ඒ අනුව, මෙම මස මුලදී 'ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී' පක්ෂයේ නායකයා ලෙස පත් වූ ෆුමියෝ කිෂිඩා අග්‍රාමාත්‍ය ධුරයට පත් වන්නේ පැහැදිලි ජනවරමක් ද සහිතවය.
ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. ජපානයේ දීර්ඝ කාලයක් තිස්සේ බලයේ සිටින්නේ 'ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී' පක්ෂයයි.
මැතිවරණයෙන් ජපාන පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 276 කට වඩා දිනා ගැනීමට සිටින්නේ 'ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී' පක්ෂය සමත් විය.
බහුතර බලය සඳහා දිනාගත යුතුව තිබුණේ ආසන 233 කි. ඒ අනුව, මෙවර ඔවුන්ට 'කුමෙයිටෝ' පක්ෂය සමඟ සන්ධානගතවීමට පවා අවශ්‍ය නොවන බව ද පැවැසෙයි.
පසුගිය කාලයේ සිටින්නේ 'ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී' පක්ෂය රජයක් පිහිටුවා තිබුණේ 'කුමෙයිටෝ' පක්ෂය සමඟ හවුල් වෙමිනි. බහුතර බලයක් ද සහිතව මැතිවරණය ජයග්‍රහණය කිරීම දේශපාලන විශ්ලේෂකයන්ගේ පවා මවිතයට හේතුවක් වී තිබේ.
'කොවිඩ් 19' වසංගතය හමුවේ 'ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී' පක්ෂයේ ජනප්‍රියත්වය පහළ වැටී ඇත. මීට පෙර 'ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී' පක්ෂයේ නායකයා ලෙසත් ජපාන අග්‍රාමාත්‍යවරයා ලෙසත් කටයුතු කළ යොෂිහිදේ සූගා පක්ෂ නායකත්වයෙන් ඉවත් වූයේ ද ඔහුට කොරෝනා වසංගතය හමුවේ රට පාලනය කළ නොහැකි බව පෙන්වා දී ඒ ගැන සමාව ඉල්ලීමක් ද කරමිනි.
ඒ අනුව, පක්ෂය අභ්‍යන්තරයේ පැවැති ඡන්ද විමසුමෙන් පසු 64 හැවිරිදි කිෂිඩා පක්ෂ නායකත්වයටත් අග්‍රාමාත්‍ය ධුරයටත් පත් විය. ජපානයේ පරිණත දේශපාලනඥයෙකි. 2012 සිට 2017 තෙක් ජපාන විදේශ අමාත්‍ය ධුරය හෙබවූයේ ද මොහුය.
(රොයිටර්)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ජපන් මැතිවරණයෙන් පාලක පක්ෂයට ජය