IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


තවත් කොරෝනා එන්නතකට අනුමැතිය

ඇමෙරිකාවේ 'නොවාවැක්ස්' ඖෂධ නිෂ්පාදන සමාගම සහ ඉන්දියාවේ 'සේරම්' ඖෂධ නිෂ්පාදන සමාගම 'කොවාවැක්ස්' යන වෙළෙඳ නාමය යටතේ නිපදවා ඇති 'නොවාවැක්ස්', 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නතට, ඉන්දුනීසියා සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය හිමිවී තිබේ.

'නොවාවැක්ස්' එන්නතක් සඳහා අනුමැතිය හිමිවුණු පළමු අවස්ථාව මෙයයි. කෙසේ නමුත්, 'නොවාවැක්ස්' සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ හෝ ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ හෝ අනුමැතිය ලැබී නැත. මෙම එන්නත ද පහසුවෙන් ගබඩා කළ හැකි එකක් වන අතර මාත්‍රා දෙකකින් යුක්තය.

එන්නත නිපදවා ඇත්තේ 'කොවිඩ් 19' මුල් වයිරස ප්‍රභේදය පමණක් නොව, එහි විකෘති ප්‍රභේදයන් ද අධ්‍යයනය කරමිනි. ඒ අනුව, එන්නත අනෙක් එන්නත්වලට වඩා සාර්ථක යැයි 'නොවාවැක්ස්' සමාගම පැහැදිලි කර තිබේ.

(රොයිටර්)

ඉන්දියාවේ සේරම් ආයතනය හවුලේ නිපදවන දෙවැනි 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත වන්නේ මෙයයි. ඔවුන් නිෂ්පාදනය ආරම්භ කළ පළමු එන්නත 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' ය. සේරම් ආයතනය මෙය නිපදවන්නේ 'කොවිෂීල්ඩ්' වෙළෙඳ නාමය යටතේය.

'නොවාවැක්ස් කොවොවැක්ස්' එන්නත හදිසි භාවිතයට සුදුසු යැයි ඉන්දුනීසියා ඖෂධ පාලන අධිකාරිය අනුමැතිය හිමිවීමත් සමඟ එන්නත මේ වනවිට ඉන්දුනීසියානු වැසියන්ට ලබා දීම ආරම්භ වී ඇත.

(ඒ.ඒෆ්.පී.)



අදහස් (0)

තවත් කොරෝනා එන්නතකට අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 632 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2314 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site