කොරෝනා මදිවට බංග්ලාදේශයේ ඩෙංගු බංග්ලාදේශය වැසියන්, ’කොවිඩ් 19’ වසංගතයට අමතරව ඩෙංගු වසංගතයකින් ද බැටකන බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ගතවුණු පැය 24 ඇතුළත වාර්තා වූ ඩෙංගු ආසාදිතයන් ගණන 330 ක් බව එරට සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 05 September 2021
ඕක්ලන්ඩ් ප්‍රහාරය අයි.එස්. වැඩක් නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සුපිරි වෙළෙඳ සංකීර්ණයේ සිදුවුණු පිහි ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් බවත් ප්‍රහාරය එල්ල කළේ ’අයි.එස්.අයි.එස්’ ත්‍රස්ත සංවිධානයේ මතවාද අනුව කටයුතු කරන අන්තවාදී අදහස් ඇති මුස්ලිම් තරුණයකු බවත් ඔහු නවසීලන්තයේ පදිංචියට ගිය ශ්‍රී ලාංකිකයකු බවත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසුවාය. 03 September 2021
ඉන්දියාවේ අබිරහස් උණ රෝගය හඳුනා ගැනෙයි කුඩා දරුවන් 30 දෙනකු ඇතුළු 50 දෙනකු බිලිගත් ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක රැසක පැතිරෙන අබිරහස් උණ රෝගය කුමක්දැයි තහවුරු කර ගැනීමටත් එය හඳුනා ගැනීමටත් ප්‍රාන්ත වෛද්‍ය පර්යේෂකයෝ සමත් වී සිටිති. 02 September 2021
කොරෝනා නසන පොළොං විෂ බ්‍රසීලයට ආවේණික පොළඟකුගේ විෂවලින් ’කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය අඩපණ කළ හැකි ඔසුවක් නිපදවීමට හැකියාව ඇතැයි බ්‍රසීල පර්යේෂකයෝ පෙන්වා දෙති. 02 September 2021
’මූ’ තවත් බිහිසුණු විකෘතියක් ’කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත්වලට ප්‍රතිරෝධයක් දක්වන, තවත් නව කොරෝනා වයිරස විකෘති ප්‍රභේදයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. 02 September 2021
වික්ටෝරියා ප්‍රාන්තය අගුළු දැමීම 23 වැනිදා තෙක් දීර්ඝ කරයි මෙල්බර්න් ඇතුළු වික්ටෝරියා ප්‍රාන්තය අගුළු දැමීම ලබන 23 වැනිදා තෙක් දීර්ඝ කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත ආන්ඩුකාර ඩැනියෙල් ඇන්ඩෲස් තීරණය කර ඇත. 01 September 2021
බ්ලොග්කරුවන්ට ඩොලර් 370,000 ක් ගෙවන්නැයි නියෝග සිංගප්පූරුවේ ප්රවෘත්ති බ්ලොග්කරුවන් දෙදෙනකුට එරට අග්‍රාමාත්‍ය ලී හ්සියැන්ග් ලූන්ග් ට සිංගප්පූරු ඩොලර් 370,000 (ඇමෙරිකානු ඩොලර් 275,113ක්) ක් ගෙවන්නැයි එරට මහාධිකරණයක් නියෝග කර ඇත. 01 September 2021
වෙන විකල්පයක් තිබුණේ නෑ - බයිඩන් වසර 20 ක් තිස්සේ දිග්ගැස්සුණු යුද්ධය අවසන් කිරීමට නම්, ඇෆ්ගනිස්තානයෙන් හමුදා ඉවත් කර ගැනීම හැර වෙන විකල්පයක් නොතිබුණු බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ජාතිය අමතමින් පැහැදිලි කළේය. 01 September 2021
ඉන්දියාවේ දරුවන් අතරේ මාරක වයිරස උණක් ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක කීපයක මාරක වයිරස උණ රෝගයක් පැතිර යමින් පවතින බවත්, මේ වනවිට කුඩා දරුවන් 50 කට වැඩි ගණනක් ඊට බිලි වී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 01 September 2021
ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩාවල නිරත වෙන්න පැයක් චීනයේ වයස අවුරුදු 18ට අඩු දරුවන්ට ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩාවල නිරත විය හැකි කාලය පැයකට සීමා කිරීමට චීනයේ වීඩියෝ ක්‍රීඩා පරිපාලකයින් පියවර ගෙන ඇත. 31 August 2021
ඇෆ්ගනිස්තානය සමඟ සබඳතා අවසන් ඇෆ්ගනිස්තානයේ සිය රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම් අත්හිටුවා එම දූත මණ්ඩල සියල්ල කටාර් රාජ්‍යයට ගෙන යෑමට පියවර ගෙන ඇත. 31 August 2021
තවත් බිහිසුණු විකෘතියක් ’කොවිඩ් 19 සී.1.2’ ’ඩෙල්ටා’, ’ලැම්බ්ඩා’ වැනි විකෘති වයිරස ප්‍රභේදවලටත් වඩා ඉතාමත් වේගයෙන් පැතිරෙන, එන්නත්වලින් පවා අඩපණ කළ නොහැකි නව ’කොවිඩ් 19’ වයිරස විකෘතියක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය විමසිල්ලෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම නව වයිරස විකෘතිය නම් කර ඇත්තේ ’කොවිඩ් 19 සී.1.2’ ලෙසය. 31 August 2021
අනාගතය අවිනිශ්චිත බව බ්‍රසීල ජනාධිපති කියයි තමන්ගේ අනාගතය අවිනිශ්චිත යැයි බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ පවසයි. බ්‍රසීල ජනාධිපතිවරණය ලබන 2022 වසරේ පැවැත්වීමට නියමිත අතර, බොල්සරානෝ යළි ජනාධිපති ධුරය අපේක්ෂාවෙන් පසුවෙයි. 30 August 2021
කැනඩා අගමැති ටෘඩෝට විපක්ෂයෙන් අභියෝගයක් මහා මැතිවරණයට සූදානම් වන කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ප්රමුඛ ඔහුගේ ’ලිබරල්’ පක්ෂයට, ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ’කොන්සවර්ටිව්’ පක්ෂයෙන් අභියෝගයක් එල්ල වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 30 August 2021
ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය ඉන්දියාවට තර්ජනයක් තලේබාන්වරුන් යළි ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කර ගැනීමත් සමඟ ඉන්දියාවත් ඇෆ්ගනිස්තානයත් අතරේ පැවැති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මුළුමනින්ම බිඳ වැටෙනු ඇතැයි ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 30 August 2021
සිංගප්පූරුවේ සියයට 80 කට එන්නත් ලැබිලා සිංගප්පූරුවේ ජනගහනයෙන් සියයට 80 කට ’කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් නියමිත මාත්‍රා දෙකම ලබා දී අවසන් බවත්, ලොව වැඩිම පිරිසක් සම්පූර්ණයෙන් එන්නත්කරණයට ලක් කර ඇත්තේ සිංගප්පූරුව බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. සිංගප්පූරුවේ ජනගහනය මිලියන 5.7 කි. 30 August 2021
ඇමෙරිකාවේ මුවන්ටත් කොරෝනා ලොව ප්‍රථම වරට මුවන්ට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ඇමෙරිකා වනජීවී නිලධාරීන් තහවුරු කර ගෙන ඇත. ඔහියෝ ප්‍රාන්තයේ වනගතය තුළ සුදු වලිග ඇති මුවකුට වෛරසය ආසාදනය වී තිබේන බව ඇමෙරිකා වන ජීවී නිලධාරීන් ඉකුත් සිකුරාදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. 30 August 2021
මුදා ගැනීමේ මෙහෙයුම්වලදී දරු ප්‍රසූති 3 ක් ඇමෙරිකා එක්සත් ජනපදයේ මුදා ගැනීමේ අතරවාරයේ දී දරුවන් තිදෙනකු උපත ලබා ඇතැයි යු.එස්.ඒ. ටුඩේ පුවත්පත වාර්තා කරයි. 29 August 2021
බ්‍රිතාන්‍යය ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම් අවසන් කරයි බ්‍රිතාන්‍යය ඇෆ්ගනිස්තානයේ සිදු කළ සියලු මෙහෙයුම් ඊයේ (28) අවසන් කළේය. අවසන් පැය 24 ක කාලයේ බ්‍රිතාන්‍ය හමුදා ඔවුන්ගේ ගුවන් යානා භාවිතයට ගනිමින් බ්‍රිතාන්‍ය වැසියන් සහ ඇෆ්ගන් සිවිල් වැසියන් දෙදහසකට වැඩි පිරිසක් ඇෆ්ගනිස්තානයෙන් රැගෙන ගිය බව පැවැසෙයි. 29 August 2021
අයි.එස්. ඉලක්ක වෙත පහර දෙයි ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක, අයි.එස්.අයි.එස්. ත්‍රස්ත ජාලයට අයත්, ’අයි.එස්.කේ’ ත්‍රස්ත කල්ලි සාමාජිකයන් ඉලක්ක කරමින් ඇමෙරිකන් හමුදාව ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරයි. 29 August 2021
තායිවානය අයිති කරගන්න ඉඩ දෙන්නේ නෑ තායිවානය අයිති කරගැනීමට චීනය උත්සාහ කරන්නේ නම් ඔවුන්ට දැඩි අභියෝගවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි දැඩි අභියෝගවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ජියැන්ලි යැන්ග් පවසයි. 29 August 2021
ජිහාද් ත්රස්තයන්ට කිසිම සමාවක් නෑ කාබුල් ගුවන්තොටුපොළ මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරමින්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කියා සිටියේ, සිවිල් වැසියන් ඉවත් කිරීමේ කටයුතු නොකඩවා ඉදිරියට සිදු කරන බවය. 27 August 2021
කාබුල් ප්‍රහාරයෙන් 13ක් මරුට ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන් තොටුපොළ ආසන්නයට එල්ල වූ මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාරයෙන් දරුවන් ඇතුළු 13 දෙනකු මියගොස් ඇතැයි තලේබාන් සංවිධානයේ නිලධාරියෙක් අද (26) පස්වරුවේ පැවැසීය. 26 August 2021
’කොවිඩ් 19’ සුලමුල පිළිබඳ බුද්ධි වාර්තාව බයිඩන් අතට ’කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ මූලාරම්භය සම්බන්ධයෙන් ඇමෙරිකන් බුද්ධි අංශ සකස් කළ වාර්තාව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතට ලැබී ඇතැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 26 August 2021
උප ජනපතිනී කමලා හැරිස් වියට්නාමයේ සිංගප්පූරු නිල සංචාරය අවසන් කරමින්, වියට්නාමයට ගිය ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස්, වියට්නාම අග්‍රාමාත්‍ය පෑම් මිං චින් හමුවී සාකච්ඡා පැවැත්වූවාය. 26 August 2021
තලේබාන් සංවිධානයට සන්නද්ධ බලකායක් ඇෆ්ගන් තලේබාන් සංවිධානය තව දුරටත් ඒ.කේ. 47 ගිනි අවි අතට ගත් නිකම්ම නිකම් සටන්කාමීන් පරිසක් නොවන බවත්, ඔවුන්ට ද විශේෂ බලකායක් සිටින බවත් පෙන්නුම් කරන වීඩියෝ සහ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබේ. 26 August 2021
තලේබාන්ට වඩා කොරෝනා බිහිසුණු විය හැකියි තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ යළි බලය අත්පත් කර ගැනීමත් සමඟ, ’කොවිඩ් 19’ වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ සියලු කටයුතු සියයට 80 කින් ඇණහිට ඇති බවත්, තලේබාන්වරුන්ටත් වඩා බිහිසුණු ලෙස කොරෝනා රැල්ලකට ඇෆ්ගනිස්තානයට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ’යුනිසෙෆ්’ සංවිධානය අනතුරු අඟවා තිබේ. 26 August 2021
ඇෆ්ගනිස්තානයට ලබා දෙන මූල්‍ය ප්‍රතිපාදන අත්හිටුවයි ඇෆ්ගනිස්ථානය වෙත ලබාදීමට නියමිතව තිබූ සියලු මුල්‍ය ප්‍රතිපාදන අත්හිටුවීමට ලෝක බැංකුව තීරණය කර ඇත. 26 August 2021
’කොවිඩ් 19’ අඩපණ කරන ලාමා ප්‍රතිශක්තිය ’කොවිඩ් 19’ වයිරසය සහ එහි ප්‍රභේද අඩපණ කිරීමට ලාමා සතුන්ගේ සිරුරු තුළ ස්වභාවිකව ප්‍රතිශක්තිය ගොඩනැගෙන බවත් එම ප්‍රතිදේහ යොදා ගනිමින්, ’කොවිඩ් 19’ මර්දන එන්නතක් නිපදවීමටත් ඒ පිළිබඳ සායනික අත්හදා බැලීම් ආරම්භ කිරීමටත් බෙල්ජිම් විද්‍යාඥයන් පර්යේෂණ ආරම්භ කර තිබේ. 25 August 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026