
මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුතු ආර්යන් ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පසු, මුම්බායි මත්ද්‍රව්‍ය වැටලීම් අංශයේ පොලිස් නිලධාරීන් ජනප්‍රිය බොලිවුඩ් නිළියක වන අනන්‍යා පාන්ඩේගෙන් ද ප්‍රශ්න කර ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා වාර්තා කරයි.
කෙසේ නමුත් අන්‍යාගේ සිදු කළ ප්‍රශ්න කිරීම් සහ ආර්යන් ඛාන්ව අත්අඩංගුවට ගැනීම අතර සම්බන්ධතාවයක් තියනවාද නැද්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.
ටයිම්ස් ඔෆ් ඉන්දියා වාර්තා කර ඇති අන්දමට පොලිසිය අනන්‍යා පාන්ඩේගෙන් අවස්ථා දෙකකදී ප්‍රශ්න කිරීම් කර තිබේ.
පොලිසිය පැය ගණනාවක් පුරාවට තමන්ගෙන් ප්‍රශ්න කළේ කුමක් සම්බන්ධව ද යන්න අනන්‍යා මෙතෙක් අනාවරණය කර නැත.
පොලිසිය අනන්‍යාගේ මුම්බායි නිවසට කඩා වැදී නිවස සෝදිසි කළ බවත් ඇගේ ලැප්ටොප් පරිගණකය ඔවුන්ගේ බාරයට ගත් බවත් ඉන්දීය පුවත් සේවා පවසයි.
මුම්බායි හි කෲස් නෞකාවක පැවති සාදයකට සහභාගී වී සිටිද්දී, ෂාරුක් ඛාන්ගේ පුතු ආර්යන් ඛාන් ඇතුළු පිරිසක් ඉන්දීය මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය විසින් මීට සති කීපයකට පෙර අත්අඩංගුවට ගනු ලැබූ අතර, ආර්යන් ඛාන් ඇතුළු එම සියලු දෙනා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
ආර්යන් ඛාන් ට ඇප ලබාදීම අධිකරණය විසින් අවස්ථා කීපපයකදී ප්‍රතික්ෂේප කළ අතර, නළු ෂාරුක් ඛාන් රක්ෂිත බන්ධනගාරයට පැමිණියේය. තම පුතු සම්බන්ධයෙන් ෂාරුක් මහත් සිත් තැවුලෙන් පසුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
(ටයිම්ස් ඔෆ් ඉන්දියා)
2025 නොවැම්බර් මස 04
641
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2319
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බොලිවුඩ් නිළි අනන්‍යාගෙන් ප්‍රශ්න කෙරේ