IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


කොරෝනා සුව කරන කරල මිලදී ගන්න තරගයක්

ඇමරිකාව නිපදවූ කොරෝනා ඖෂධ කරල ධනවත් රටවල් කලින්ම මිල දී ගැනීමට තරගයක නිරතව සිටින සිටින බව වාර්තාවේ

ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු කොරියාව යන ආසියා පැසිෆික් රටවල් මෙම කරල මිලදී ගැනීමට ඉදිරියෙන්ම සිටන බවත් , එම රටවල් ඇතුළු සමස්ත රටවල් දැනටමත් මෙම කොරෝනා ඖෂධ එය නිපදවන මර්ස්ක් නම් ඇමරිකානු සමාගමෙන් ඇණවුම් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

එම රටවල් සියල්ලම කොරෝනා මර්දන එන්නත්කරණයට ප්‍රමාද වූ රටවල් ලෙසද සැලකේ.

තවමත් මෙම ඖෂධයට ඇමරිකානු ආහාර සහ ඖෂධ පාලනාධිකාරියේ අනුමැතිය නොලැබී තිබියදී ද ලොව පුරා විශාල ඉල්ලුමක් ගොඩ නැගී ප්‍රධානවේ.

මොල්නුපිරවියර් ඖෂධය මේ වනවිට  ඇමෙරිකාවේ ආහාර හා ඖෂධ පාලනාධිකාරියේ  අනුමැතියට ඉදිරිපත් කර තිබෙන අතර  ඉදිරි දිනවල ඊට අනුමැතිය ලැබෙනු ඇතැයිද සදහන් වේ.

මෙම ඖෂධ කරල ඇති අධික ඉල්ලුම් නිසා එය වඩාත්ම අවශ්‍ය වන දිළිඳු රටවලට ඉක්මනින් ලබාගැනීමට නොහැකි වනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මොල්නුපිරවියර් (Molnupiravir) නමින් හැඳින්වෙන මෙම කරල සැලකෙන්නේ ප්‍රතිවයිරස (anti viral) ඖෂධයක් ලෙසිනි. මර්ස්ක් නම් ඇමරිකානු සමාගම නිපදවනු ලබන මෙය ඇතැමුන් ‘මර්ස්ක් කරළ’ යනුවෙන්ද හඳුන්වනු ලබයි.

මෙම ඖෂධය නිසා, රෝගය බරපතළ වීමට සහ මිය යාමට ඇති ඉඩ සියයට 50කින් පමණ අඩු වන බව විශ්වාස කෙරෙන අතර එය වසංගත තත්ත්වයෙහි විශාල වෙනසක් කළ හැකි ඖෂධයක් ලෙස පිළිගැනේ.

(සී.එන්.එන්.)



අදහස් (0)

කොරෝනා සුව කරන කරල මිලදී ගන්න තරගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 308 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 160 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1829 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site