IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


බ්‍රිතාන්‍ය මන්ත්‍රී ඝාතනය ත්‍රස්ත ක්‍රියාවක්

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ 'කොන්සවර්ටිව්' පක්ෂ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ ඩේවිඩ් එමෙස් ඝාතනය, ත්‍රස්ත ක්‍රියාවක් යැයි බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ පවසයි.

69 හැවිරිදි ඩේවිඩ් එමෙස් ට පිහි ප්‍රහාරයක් එල්ල විය. ඒ, ඔහු ඔහුගේ ආසනය වන දකුණු එසෙස් පළාතේ ලී-ඔන්-සී බෙල්ෆෙයාර්ස් මෙතෝදිස්ත දේවස්ථානයේ සිය ආධාරකරුවන් හමුවෙමින් සිටිද්දීය.

මන්ත්‍රීවරයාට පිහි ප්‍රහාරය එල්ල කළ 25 හැවිරිදි තරුණයා පසුව පොලිසිය විසින් අල්ලා ගනු ලැබුණි. ඔහු සෝමාලියානු සම්භවයක් ඇති තරුණයකු බව පොලිසිය පවසා තිබේ.

පිහි ප්‍රහාර කීපයක්, ඩේවිඩ් එමෙස් ට එල්ල වුණු බවත්, ඔහු රෝහලට ගෙන යෑමටත් පෙර මියගිය බවත් බ්‍රිතාන්‍ය පුවත් සේවා පවසා තිබේ. බ්‍රිතාන්‍ය ත්‍රස්ත මර්දන ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.

ඩේවිඩ් එමෙස් සෑම මසකම පළමු සහ තෙවැනි සිකුරාදා දිනවල බෙල්ෆෙයාර්ස් දේවස්ථානයට පැමිණෙන අතර, එහිදී ඔහු ඔහුගේ පාක්ෂිකයන් සහ ඔහුගේ ආසනයේ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ විමසා බලයි.

තම රාජකාරි අකුරට ඉටු කළ ජනතා ආදරයට පාත්‍ර වූ දේශපාලනඥයකු ලෙස එමෙස් සැලකෙයි. ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් ශෝක පණිවුඩයක් නිකුත් කිරිමට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කටයුතු කළේය.

එමෙස් මහජන සේවයට කැපවුණු තැනැත්තකු බවත්, හොඳ මිතුරකු බවත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මෙන්ම කොන්සවර්ටිව් පක්ෂයේ නායකයා ද වන බොරිස් ජොන්සන් පවසා තිබේ. එමේස් පස් දරු පියෙකි.

(රොයිටර්)

 



අදහස් (0)

බ්‍රිතාන්‍ය මන්ත්‍රී ඝාතනය ත්‍රස්ත ක්‍රියාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 308 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 160 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1830 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site