IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


’ඩෙල්ටා ප්ලස්’ ගැන විමසිල්ලෙන්

'කොවිඩ් 19' ඩෙල්ටා' විකෘතියේ අනු ප්‍රභේදයක් ලෙස සැලකෙන 'ඩෙල්ටා ප්ලස්' විකෘතිය ගැන තමන් නිරන්තරයෙන් විමසිල්ලෙන් පසුවන බවත්, මහා බ්‍රිතාන්‍යයේ වෛද්‍ය පර්යේෂකයන් 'ඩෙල්ටා ප්ලස්' සම්බන්ධයෙන් පවත්වන පර්යේෂණ කෙරෙහි අවධානය යොමු කරමින් සිටින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය, AY.4.2 යන නිල නාමයෙන් හැඳින්වෙන 'ඩෙල්ටා ප්ලස්' විකෘතිය, බිහිසුණු මෙන්ම මාරක වයිරස විකෘතියක් වීමට ඉඩ ඇතැයි පෙන්වා දී, එම විකෘතිය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් කළේ මීට මාස කීපයකට පෙරය.

ඒ, 'ඩෙල්ටා ප්ලස්' විකෘතිය අප්‍රේල් මාසයේ ඉන්දියාවෙන් පළමු වරට හමුවීමත් ඉන්පසු එය මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වීමට පටන් ගැනීමත් සමඟය. අද ලොව ප්‍රධානතම 'කොවිඩ් 19' වයිරස විකෘතිය ලෙස සැලකෙන්නේ 'ඩෙල්ටා' ය. ඒ, 'ඇල්ෆා' විකෘතිය අභිබවා යමින් 'ඩෙල්ටා' බලවත් වී ඇති නිසාය.

'ඩෙල්ටා' ආරම්භය සිදුවූයේ ද ඉන්දියාවෙනි. ඒ, පසුගිය 2020 වසර අවසානයේය. 'ඩෙල්ටා' විකෘතිය ඉන්දියව කලඹද්දී, එය තවත් විකෘතිකරණයට ලක් වී, වැඩි ව්‍යාප්තියක් පෙන්නුම් කරන සහ එන්නත්වලට ඔරොත්තු නොදෙන 'ඩෙල්ටා ප්ලස්' වයිරසය නිර්මාණය විය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ඊයේ (21) වනවිට 'කොවිඩ් 19 ඩෙල්ටා' විකෘතිය රටවල් 69 කට පැතිර ගොස් තිබුණි. මහා බ්‍රිතාන්‍යයේත් රුසියාවේත් ඉරානයේත් දෛනික ආසාදිතයන් සහ මරණ ඉතා ඉහළ අගයක් ගනිමින් ඇත්තේ 'ඩෙල්ටා ප්ලස්' විකෘතිය නිසා යැයි පැවැසෙයි.

'ඩෙල්ටා ප්ලස්' විකෘතිය සම්බන්ධයෙන් දිගටම පර්යේෂණ පවත්වන බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ, 'ඩෙල්ටා' විකෘතියට වඩා 'ඩෙල්ටා ප්ලස්' විකෘතියෙන් ජනතාවට එල්ල වන බලපෑම අති මහත් බවය. මහා බ්‍රිතාන්‍යයෙන් අලුතින් වාර්තා වන 'කොවිඩ් 19' ආසාදිතයන්ගෙන් සියයට 6 ක් 'ඩෙල්ටා ප්ලස්' ආසාදිතයන් බවත් එම ප්‍රතිශතය දිනෙන් දින පවැඩිවෙමින් පවතින බවත් සෞඛ්‍ය බලධාරීන් බිය පළ කර තිබේ. මේ වනවිට මහා බ්‍රිතාන්‍යයෙන් යළිත් වරක් සතියකට ආසාදිතයන් 40,000 ක් 50,000 ක් අතර වාර්තා වෙයි.

ආසාදිතයන්ගේ වර්ධනය වේගය අනුව, මෙම නත්තල වෙද්දී දෛනික ආසාදිතයන් ගණන ලක්ෂය ඉක්මනු ඇතැයි සෞඛ්‍ය බලධාරීන් අනාවැකි පළ කර තිබේ.

බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය දිගින් දිගටම අග්‍රාමාත්‍ය ජොන්සන් ප්‍රමුඛ රජයට චෝදනා කරයි. ඒ, තමන් කළ අනතුරු ඇඟවීම් ගණන් නොගන්නා බවත් බ්‍රිතාන්‍ය වැසියන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරන බවත් පෙන්වා දෙමිනි. වෛද්‍යවරුන් පවසන්නේ දැඩි සංචරණ සීමා සහ නව මාර්ගෝපදේශ කඩිනමින් හඳුන්වා දිය යුතු බවත්, දෛනිකව තවත් ආසාදිතයන් වැඩි වන්නේ නම් රට වසා දැමීම කළ යුතු බවත්ය.

මේ වනවිට රුසියාවේ 'කොවිඩ් 19' තත්ත්වය දරුණුය. දෛනිකව, මරණ 1,000 ඉක්මවා වාර්තා වෙයි. දෛනික ආසාදිතයන් ගණන 30,000 ඉක්මවයි. 'කොවිඩ් 19' ආසාදිතයන් සහ මරණ සීඝ්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් රුසියාවේ වැඩ නොකරන සතියක් ක්‍රියාත්මක කරන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ. ඒ අනුව, ඔක්තෝබර් 30 වැනි දා සිට නොවැම්බර් 7 වැනි දා දක්වා වැඩ නොකරන සතිය ක්‍රියාත්මක වීමට නියමිතය.

එන්නත් ලබා නොගන්නා 60 ට වැඩි වැඩිහිටියන් ඉදිරි මාස 4 ක කාලය නිවසේ රැඳී සිටිය යුතු බවටත් ආයතනවල සේවක සංඛ්‍යාවෙන් සියයට 30ක් නිවසේ සිට රාජකාරී කළ යුතු බවටත් මොස්කව් නගර බලධාරීන් නියෝග කර ඇත. වැඩියෙන්ම ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන ඇත්තේ මොස්කව් අගනුවරිනි. 'කොවිඩ් 19' ආසාදිතයන් සහ මරණ අතින් රුසියාව පසුවන්නේ පස්වැනි ස්ථානයේය. රුසියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 8,131,164 කි. සමස්ත මරණ 2,27,389 කි.

(රොයිටර්)

 



අදහස් (0)

’ඩෙල්ටා ප්ලස්’ ගැන විමසිල්ලෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 642 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2319 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1720 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site