මොඩර්නා එන්නත අවදානම් කණ්ඩායම් සඳහා අතිරේක එන්නත් මාත්‍රාවක් (බුස්ටර්) ලෙස භාවිත කිරිමට අමෙරිකානු ආහාර හා ඖෂධ පාලන ආයතනයේ විශේෂඥ මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.
එහි ඒකමතික අනුමැතිය පරිදි සාමාන්‍ය කොරෝනා මර්දන එන්නත් මාත්‍රාවන් ලබා ගැනීමෙන් මාස 6 කට පසුව මොඩර්නා එන්නත අතිරේක මාත්‍රාවක් ලෙස ලබා ගත හැකිය.
ඒ අනුව, අමෙරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය එරට පුරවැසියන්ට එය ලබාදීම පිළිබඳ සිය අවසන් නිර්දේශය ලබා දීමට නියමිතව ඇත.
මේ අතර අනුමැතිය හිමිවිම සමග මොඩර්නා එන්නතේ මිල සියයට 3කින් පමණ ඉහළ ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.මීට පෙර ෆයිසර් එන්නත ද බුස්ටර් එන්නතක් ලෙස ලබාදීමට අමෙරිකාවේ අනුමැතිය හිමි විය.
(ද ගාඩියන්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd