IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ෂියා පල්ලියට බෝම්බ ප්‍රහාරයක්

ඇෆ්ගනිස්තානයේ කන්දහාර් නුවර, ප්‍රධාන ෂියා මුස්ලිම් පල්ලියට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන්, පල්ලියේ දේව මෙහෙයට සහභාගී වෙමින් සිටි ෂියා මුස්ලිම් බැතිමතුන් තිස් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු අතර තවත් 45 දෙනෙක් තුවාල ලැබූහ.

බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ කන්දහාර් නගරයේ, 'බීබී ෆාතිමා' පල්ලියේ සිකුරාදා දේව මෙහෙය පැවැත්වෙද්දීය. කන්දහාර් නගරයේ විශාලතම ෂියා මුස්ලිම් දේවස්ථානය වන්නේ මෙම 'බීබී ෆාතිමා' මුස්ලිම් පල්ලියයි.

ඇෆ්ගන් තලේබාන් රජයේ අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශ ප්‍රකාශක කාරී සයාද් කොස්තී ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ එය ෂියා මුස්ලිම් බැතිමතුන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු දරුණු ප්‍රහාරයක් බවය.

තලේබාන් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් පිපිරුම සිදුවුණු ස්ථානයට ගිය බවත් ඔවුන් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවත් වාර්තා විය. එය අන්තවාදී සුන්නි මුස්ලිම් ත්‍රස්තයන් එල්ල කළ ප්‍රහාරයක් බව තලේබාන් රජය කියයි. කෙසේ නමුත් තවමත් ප්‍රහාරයේ වගකීම කිසිවකු භාරගෙන නැත.

මීට හරියටම සතියකට පෙර, පසුගිය 8 වැනි සිකුරාදා  ඇෆ්ගනිස්තානයේ කුන්දුස් නගරයේ ෂියා මුස්ලිම් පල්ලියකට ද බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. එයින් 50 දෙනකු මියගිය බවත් 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් වාර්තා විය.

එම ප්‍රහාරයේ වගකීම අයි.එස්.කේ. ත්‍රස්ත කල්ලිය විසින් බාර ගනු ලැබුණි. 'අයි.එස්.කේ' යනු ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක අයි.එස්.අයි.එස්. ශාඛාවය. කන්දහාර් ෂියා මුස්ලිම් පල්ලියට පහර දුන්නේ ද 'අයි.එස්.කේ' ත්‍රස්තවාදීන් යැයි තලේබාන්වරු සැක කරති.

(රොයිටර්)



අදහස් (0)

ෂියා පල්ලියට බෝම්බ ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 642 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2319 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1720 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site