IMG-LOGO

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ 1,80,000 කොරෝනාට බිලි

ලොව පුරා වෛද්‍යවරුන්, හෙද හෙදියන්, රෝහල් කාර්ය මණ්ඩලය සේවක සේවිකාවන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ 1,80,000 කට වැඩි පිරිසක් 'කොවිඩ් 19' වයිරසයට බිලිවී ඇති බවත්, ඔවුන් 'කොවිඩ් 19' රෝගීන් සුවපත් කිරිමට දිවි පරදුවට තබා කළ මෙහෙයවර සදා අමරණීය බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළේ රටරටවල සෞඛ්‍ය අමත්‍යාංශ හරහා ලබා ගත් වාර්තා අනුවය. සෞඛ්‍ය සේවක සේවිකාවන් 1,80,000 ක්, 'කොවිඩ් 19' වසංගතයට බිලිවී ඇත්තේ 2020 ජනවාරි මාසයේ සිට මෙම 2021 මැයි මාසය දක්වා කාලය ඇතුළතය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව ලොව පුරා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියැළී සිටින පිරිස මිලියන 135 කි.

ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ දී සෞඛ්‍ය කනාර්ය මණ්ඩල සඳහා ප්‍රමුඛත්වය දෙන්නැයි තමන් දිගින් දිගටම ඉල්ලීම් කළ නමුත් එසේ නොවුණු අවස්ථා ද වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ.

මේ වනවිට, ලෝකයේ සමස්ත 'කොවිඩ් 19' ආසාදිතයන් වාර්තා වන්නේ 243,271,110 ලෙසය. සමස්ත මරණ ගණන 4,945,268 කි. වයිරසය ආසාදනය වී සුවය ලැබූවන් ගණන 220,462,596 කි.

(රොයිටර්)



අදහස් (0)

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ 1,80,000 කොරෝනාට බිලි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 80 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 785 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 368 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site