කොලොම්බියාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් රජු ලෙස සැලකෙන දාරියෝ ඇන්තෝනියෝ උසුගා හෙවත් 'ඔටෝනියෙල්' අල්ලා ගැනීමට එරට ආරක්ෂක අංශ සමත් විය.
50 හැවිරිදි ඇන්තෝනියෝ උසුගා ආරක්ෂක අංශ අත්අඩංගුවට පත් වූයේ, ආරක්ෂක අංශ එරට උරාබා පළාතේ සිදු කළ හදිසි වැටළීමකදීය.
ඇමෙරිකාවට මහා පරිමාණයෙන් කොකේන් යැවීම සිදු කරන්නේ ඇන්තෝනියෝ උසුගා සහ ඔහුගේ ජාවාරම් කල්ලිය යැයි චෝදනා එල්ල වී තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහි සටනේ දී ඇන්තෝනියෝ උසුගා අල්ලා ගැනීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බව කොලොම්බියා ජනාධිපති ඉවාන් ඩූකේ පවසා තිබේ.
බාල වයස්කාර දරුවන් අපයෝජනය කිරීම, ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා යොදා ගැනීම, පොලිසි නිලධාරීන් ඝාතනය ඇතුළු චෝදනා රැසක් ඇන්තෝනියෝ උසුගා ට එරෙහිව එල්ල වී ඇත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd