IMG-LOGO

අභ්‍යවකාශයේ රූගත කිරීම් අවසන්

ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ චිත්‍රපටයක් රූගත කිරීමට ගිය රුසියන් නිළි යුලියා පෙරෙසිල්ඩ් සහ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා මෙන්ම ප්‍රධාන නළුවා ද වන කිම් ෂෙපින්කෝ අද (17) ආපසු පෘථිවියට පැමිණියහ.

අභ්‍යවකාශ නැවතුම්පොළේ එසේත් නැතිනම් අභ්‍යවකාශයේ සිනමාපටයක් රූගත කෙරුණු පළමු අවස්ථාව මෙයයි. 'චැලෙන්ජ්' (අභියෝගය) යනුවෙන් නම් කළ මෙම චිත්‍රපටයේ බරපැන දරන්නේ රුසියන් රජය සහ රුසියන් අභ්‍යවකාශ ආයතනයයි.

'චැලෙන්ජ්' චිත්‍රපටයේ රූගත කිරීම් සැලැසුම් කෙරුණේ පසුගිය මැයි මාසයේදීය. ඉන්පසු නිළි යුලියා පෙරෙසිල්ඩ් සහ අධ්‍යක්ෂවරයා මෙන්ම ප්‍රධාන නළුවා ද වන ෂෙපින්කෝ ට ගගනගාමීන් ලෙස පුහුණුවීමට සිදුවිය. එම පුහුණුවීම්වලින් අනතුරුව, දෙදෙනා අභ්‍යවකාශයට යැවීම පසුගිය ඔක්තෝබර් 5 වැනිදා සිදුවිය. ඒ, රුසියානු 'සෝයූස්' ගගන කැප්සියුලයක සහ රොකට්ටුවක ආධාරයෙනි. යුලියා සහ ෂෙපින්කෝ අභ්‍යවකාශයට රැගෙන යෑම සිදුවූයේ රුසියන් ගගනගාමී ඇන්තොන් ෂ්කැප්ලෙරෝව්ගේ නායකත්වය යටතේය.

අභ්‍යවකාශ නැවැතුම්පොළට ගිය තිදෙනා අභ්‍යවකාශ නැවැතුම්පොළේ ඒ වනවිටත් රැඳී සිටි ඔලෙග් නොවිට්ස්කී සහ යෝටර් ඩුබ්‍රෝව් යන රුසියන් ගගනගාමීන් දෙදෙනා සමඟ එක් වී පසුගිය දින 12  ක කාලයේ චිත්‍රපටයේ රූගත කිරීම් සිදු කෙරුණි. රුසියන් ගගනගාමීන් ද නළුවන් ලෙස චිත්‍රපටයට සම්බන්ධ වීම විශේෂත්වයකි.

රූගත කිරීම් සියල්ල කුඩා කැමරා, ඡංගම දුරකතන භාවිතයෙන් සිදුවිය. කැප්සියුලයේත්, අභ්‍යවකාශ නැවැතුම්පොළේත් සවි කර ඇති කැමරාවලින් ලබාගත් දසුන් ද චිත්‍රපටයට එක් කර ගැනෙනු ඇත. සෙසු දසුන් සහ යළි රූගත කෙරෙන දසුන් පරිගණක තාක්ෂණය භාවිතයෙන් ප්‍රති නිර්මාණය කරන බව ෂෙපින්කෝ පවසා තිබේ. අභ්‍යවකාශයට ගොස් රූගත කිරීම් සඳහා වියදම් අධික වුවත් තමන් චිත්‍රපටයෙන් දසුන් කීපයක් හෝ භ්‍යවකාශ නැවැතුම්පොළේ රූගත කරන්නේ චිත්‍රපටය හැකිතාක් තාත්වික කරවීමට යැයි ද ෂිපෙන්කෝ පවසා ඇත.

යුලියා සහ ෂෙපින්කෝ ආපසු පොළොවට රැගෙන ආවේ ගගනගාමීන් ඔලෙග් නොවිට්ස්කී මැදිහත් වීමෙනි. ඇන්තොන් ෂ්කැප්ලෙරෝව් අභ්‍යවකාශ නැවතුම්පාළේ රැඳී සිටීමට තීරණය කළේය. යුලියා, ෂෙපින්කෝ සහ නොවිට්ස්කී රැගත් 'සෝයූස්' ගගන කැප්සියුලය අභ්‍යවකාශ නැවතුම්පොළෙන් වෙන් වී පැරෂූට් ආධාරයෙන් ගොඩබෑවේ කසක්ස්තානයේ තැනිතලා භූමියටය. රුසියන් ගගන කැප්සියුල ගොඩබෑම සිදුවන්නේ කසක්ස්තානයටය. රුසියන් හමුදා නිලධාරීන් සහ අභ්‍යවකාශ ආයතනයේ නිලධාරීන් සහ වෛද්‍ය කණ්ඩායමක් ද කැප්සියුලය පැමිණෙන තුරු බලා සිටියේය. ආපසු පැමිණි යුලියා සහ ෂෙපින්කෝ ට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

අභ්‍යවකාශයේ රූගත කිරීම් සිදු වුණු මෙම චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරියක වටාය. 37 හැවිරිදි යුලියා පෙරෙසිල්ඩ් එම වෛද්‍යවරියගේ චරිතයට පණ පොවයි. අභ්‍යවකාශය නැවැතුම්පොළේ රුසියන් ගගනගාමියකු හදිසියේ රෝගී වන බැවින් වෛද්‍යවරියට අකමැත්තෙන් වුවත් නැවැතුම්පොළට ගොස් ගගනගාමියාට ප්‍රතිකාර ලබා දීමට සිදුවෙයි. 'චැලෙන්ජ්' චිත්‍රපටයේ කතාව වන්නේ එයයි. අධ්‍යක්ෂ 38 හැවිරිදි ෂෙපින්කෝ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ද වෙයි.

පළමුවෙන් අභ්‍යවකාශයේ චිත්‍රපටයක් රූගත කිරීමට සූදානම් වූයේ හොලිවුඩයයි. ඒ, ජනප්‍රිය හොලිවුඩ් නළු ටොම් කෲස් ප්‍රධාන චරිත නිරූපණය කරන චිත්‍රපටයකි. ඒ බව ප්‍රසිද්ධියට පත් වූයේ පසුගිය වසරේය. කෙසේ නමුත් යුලියා සහ ෂෙපින්කෝ ඊට පෙර පළමු චිත්‍රපටය අභ්‍යවකාශයේ රූගත කර වාර්තා අතරට එක්වූහ.

(රොයිටර්)



අදහස් (0)

අභ්‍යවකාශයේ රූගත කිරීම් අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 80 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 785 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 368 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site