
මහ වැසි සහ ජල ගැලීම් හේතුවෙන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ගම්මාන රැසක් ජලයෙන් යටවී තිබේ. එසේ ජලයෙන් යටවුණු තලවෙඩි නමැති ගම්මානයේ තරුණ යුවළක්, ඔවුන්ගේ මංගල උත්සවය වෙනුවෙන් කෝවිලේ පැවැති පූජාවට ගියේ ආහාර පිසීමට යොදා ගන්නා විශාල ඇලුමිණියම් හැළියක් භාවිතයට ගනිමිනි.
හැළියට ගොඩවුණු ආකේෂ් සහ අයිශ්වර්යා තරුණ යුවළ ජලයෙන් යටවුණු වීදියක් දිගේ ඔවුන්ගේ ඥාතීන් විසින් තල්ලු කරගෙන යන ආකාරය දැක්වෙන ඡායාරූප මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබේ.

'ගම්මානය යට වුණත් මංගල උත්සවය කල් දමන්න අපට බැරිවුණා. ඒ නිසා කෝවිලෙන් ඉල්ලා ගත්තු ආහාර පිසින ලොකු හැළියක නැගිලා අපි නියමිත වේලාවට කෝවිලට ගියා. අපේ මංගල උත්සවය අපටත් අපේ ඥාතීන්ටත් අමතක නොවන අත්දැකීමක් බවට පත් වුණා' යැයි ආකේෂ් සහ අයිශ්වර්යා මාධ්‍ය හමුවේ පවසා ඇත.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd