තම මුහුදු සීමාවට ඇතුළු වුණු ඉන්දීය නාවික හමුදා සම්බැරීනයක් ආපසු හරවා යැවූ බව පාකිස්තාන නාවික හමුදාව කියයි. 2016 වසරෙන් පසු මෙවැනි සිදුවීමක් සිදුවුණු තෙවැනි අවස්ථාව මෙය යැයි ද පාකිස්තාන නාවික හමුදාව වැඩි දුරටත් කියා සිටී.
ඉන්දීය සබ්මැරීනය, පාකිස්තාන මුහුදු සීමාවට ඇතුළු වී ඇත්තේ පසුගිය සෙනසුරාදා දිනයේය. පාකිස්තාන නාවික හමුදාව ඔවුන්ගේ මුහුදු සීමාව පිළිබඳ දැඩි සෝදිසියෙන් සිටින හෙයින් සබ්මැරීනය පහසුවෙන් හසුකර ගැනීමට හැකි වුණු බව පාකිස්තාන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
කෙසේ නමුත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දියාව මෙතෙක් කිසිවක් පවසා නැත.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd