
'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගත් බව සහතික කරමින්, ඉන්දීය මධ්‍යම රජය නිකුත් කරන එන්නත් සහතික පත්‍රයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රූපය ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් කේරළ ප්‍රාන්තයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියකුගෙන් විරෝධයක් එල්ල වී තිබේ.
මෙම තැනැත්තා කේරළ මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් සිය විරෝධය දක්වා ඇති අතර, අග්‍රාමාත්‍ය මෝදිගේ රුව නොමැතිව, තමන්ට එන්නත් සහතික පත්‍රයක් අවශ්‍ය බවය. පෙත්සම්කරු අධිකරණයට පෙන්වා දී ඇත්තේ, අග්‍රාමාත්‍ය මෝදිගේ රූපය එන්නත් සහතික පත්‍රයට ඇතුළත් කිරීමෙන් ඉන්දීය පුරවැසියන්ගේ මූලික අයිතිය උල්ලංඝනය වන බවය.
ලොවටම බලපෑම් කළ කොරෝනා වසංගතයක් හමුවේ, එයින් ජනතාව ආරක්ෂා කිරීම පාලකයන්ගේ අයිතිය බවත්, පාලකයන් එයින් ප්‍රසිද්ධියක් ගැනීම හෝ දේශපාලන වාසි ගැනීම හෝ නොකළ යුතු බවත්ය. ඒ අනුව, අග්‍රාමාත්‍ය මෝදිගේ ඡායාරූපය නොමැතිව තමන්ට එන්නත් සහතික පත්‍රයක් ලබා දෙන මෙන් පෙත්සම්කරු අධිකරණයට දන්වා තිබේ.
එම්. පීටර් යන නමින් පමණක් ඉන්දීය මාධ්‍ය විසින් හඳුන්වා දී ඇති මෙම පෙත්සම්කරු, කේරළ ප්‍රාන්තයේ කොට්ටයාම් නුවර වැසියෙකි. මොහු ජ්‍යෙෂ්ඨ පුරවැසියකු මෙන්ම සමාජ ක්‍රියාකාරියකු බව ද පැවැසෙයි.
පෙත්සම්කරු, ඇමෙරිකාව, ඊශ්‍රායලය, ජර්මනිය, ඉන්දුනීසියාව ආදී රටවලින් නිකුත් කරන එන්නත් සහතික පත්‍ර කීපයක පිටපත් ද අධිකරණයට යොමු කරමින් පවසා ඇත්තේ, එම එන්නත් සහතික පත්‍ර කිසිවක රටේ රාජ්‍ය නායකයාගේ රූපය නොමැති බවය. ඒ අනුව, අග්‍රාමාත්‍ය මෝදිගේ රූපය නොමැතිව, එන්නත් සහතික පත්‍රයක් ලබා ගැනීමට ඉන්දියානුවන්ට අවසර තිබිය යුතු බව ද පෙත්සම්කරු කේරළ මහාධිකරණයට අවධාරණය කර ඇත.
අධිකරණය ඉන්දීය මධ්‍යම රජයෙන් මේ සම්බන්ධයෙන් කරුණු විමසා බැලූ අවස්ථාවේදී මධ්‍යම රජය කරුණු පැහැදිලි කර තිබේ.ෙඔවුන් පවසා ඇත්තේ එන්නත් සහතික ප්‍රතයේ අග්‍රාමාත්‍ය මෝදිගේ රූපය ඇත්තේ, අග්‍රාමාත්‍ය මෝදි ජනතාවට ලබා දෙන පණිවුඩයක් එහි අන්තර්ගත නිසා බවය.
එන්නත් ලබා ගැනීම කළ යුතු බවත් එන්නත් ලබා ගත්තත් දිගටම යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමන කළ යුතු බවත් එම පණිවුඩයේ සඳහන් වෙන බවත් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය බී.පී. පවාර් පෙන්වා දී ඇත. 'එය ජනතාව දැනුවත් කිරීමට අග්‍රාමාත්‍ය මෝදිගේ පණිවුඩයක්. දේශපාලන වාසි ගැනීමක් නොවෙයි. බහුතරයක් ඉන්දියානු පුරවැසියන් වෙනුවෙන් කළ දැනුවත් කිරිමේ ක්‍රමවේදයක්' යැයි සෞඛ්‍ය අමාත්‍ය බී.පී. පවාර් මාධ්‍ය හමුවේ පවසා තිබේ.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
641
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2319
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එන්නත් සහතික පත්‍රයේ මෝදිගේ රූපය එපා