IMG-LOGO

එන්නත් ලබාගත් සංචාරකයන්ට සිංප්පූරුවෙන් අවසර

පූර්ණ එන්නත්කරණයට ලක්වුණු විදෙස් සංචාරකයන්ට, නිරෝධායනයකින් තොරව, සිංගප්පූරුවට ඇතුළු වීමට අවසර දෙන බව සිංගප්පූරු බලධාරීහු පවසති.

මේ වනවිට 'කොවිඩ් 19' සමඟ නව සාමාන්‍යකරණයක් යටතේ ජීවත් වීමට සිංගප්පූරුව යොමු වී ඇත. සිංගප්පූරු වැසියන් ද සියයට 80 කට වඩා පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇත.

දිගටම දේශසීමා වසා දැමීම කළ නොහැකි බවත්, ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට දේශසීමා විවෘත කළ යුතු බවත් සිංගප්පූරු බලධාරීන් අවධාරණය කර තිබේ. විදෙස් සංචාරකයන් සඳහා දේශසීමා විවෘත කෙරෙන්නේ ඒ අනුවය.

විදේශීය සංචාරකයන් ගෙන්වා ගැනීම සිදුවන්නේ ද අදියර කීපයක් යටතේ බව සිංගප්පූරු සංචාරක අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

පළමුවෙන් ජර්මනිය, බෲනායි ආදී රටවල සංචාරකයන්ට සිංගප්පූරුවට ඇතුළුවීමට අවසර හිමිවුණු අතර, දැන් බ්‍රිතාන්‍ය, කැනඩාව, ඩෙන්මාර්කය, ප්‍රංශය, ඉතාලිය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය සහ ඇමෙරිකාවට සිංගප්පූරුව විවෘත කෙරෙනු ඇත. දකුණු කොරියානු සංචාරකයන් වෙනුවෙන් සිංගප්පූරුව විවෘත කෙරෙනු ඇත්තේ නොවැම්බර් 15 වැනිදායින් පසුවය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

එන්නත් ලබාගත් සංචාරකයන්ට සිංප්පූරුවෙන් අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 80 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 779 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 366 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site