හයිටි රාජ්‍යයේ දී පැහැරගත් ඇමෙරිකානු ක්‍රිස්තියානු මිෂනාරිවරුන් කණ්ඩායම නිදහස් කිරීමට නම්, ඇමෙරිකාව, ඩොලර් මිලියනයක කප්පම් මුදලක් ගෙවිය යුතු යැයි පැහැර ගැනීමට සම්බන්ධ සන්නද්ධ කල්ලිය පවසා ඇත.
පැහැර ගැනීම සිදු කළ බව පැවැසෙන්නේ '400 මොවෝසෝ' නමැති ආයුධ සන්නද්ධ කල්ලියයි. මොවුන් මත්ද්‍රව්‍ය සහ ගිනි අවි ජාවාරම් ද සිදු කරන හයිටියේ ක්‍රියාත්මක බිහිසුණු අපරාධ කල්ලියකි.
මෙම අපරාධ කල්ලිය ඇමෙරිකන් ක්‍රිස්තියානු මිෂනාරිවරුන් 17 දෙනකු පැහැරගෙන ගියේ පසුගිය 16 වැනිදාය. එම මිෂනාරිවරුන්ගේ දරුවන් ද පැහැරගෙන ගත් පිරිස අතර සිටින බව හයිටි පොලිසිය පවසයි.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd