නවසීලන්තය දිනක් ඇතුළත සිය ජනගහනයෙන් සියයට 2.5කට ආසන්න පිරිසක් එන්නත් කර ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලික දත්ත සඳහන් කරයි.
නවසීලන්තය මේ වනවිට ‘කොවිඩ්-19’ පාලන සහ කළමනාකරණය සම්බන්ධයෙන් මෙතෙක් අනුගමනය කළ උපායමාර්ග වෙනස් කරමින් වයිරසය සමඟ ජීවත් වීමට සූදානම් වෙමින් සිටියි.
ඒ සඳහා ඔවුන් සිය එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කිරීමට පටන් ගෙන ඇති අතර ඉරිදා දිනයේදී පමණක් එන්නත් කර ඇති ගණන 124,669කි.
නවසීලන්තයේ ජනගහනය මිලියන 4.9ක් වේ.
“අපි අපේ රට වෙනුවෙන්, ඉලක්කයක් තබා තිබෙනවා. අපි එම ඉලක්කයට ළඟා වෙමු. අපි 150,000 ඉලක්කයට යමු. හොඳින් ලොකුවට කරමු. නැතිනම් ගෙදර යමු” යැයි නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් පැවැසුවා ය.
වසංගතය පැවැති පසුගිය වසර දෙකකට ආසන්න කාලයේදී නවසීලන්තය ඉතා හොඳින් වයිරස ව්‍යාප්තිය පාලනය කර ඇති එය හොඳින් කළමනාකරණය කරන ලද රටවල් අතළොස්ස අතරට ද එක් විය. එපමණක් නොව වයිරසය පාලනය කළ රටක් ලෙස ලොව ඉහළ පිළිගැනීමක් ද ලැබී ය. කෙසේ නමුත් ඉකුත් අගෝස්තු මාසයේ මැද සිට එරට ට තරමක අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදු විය. ඊට ප්‍රධාන වශයෙන් හේතු වූයේ එරට තුළ නව කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය පැතිර යෑමට පටන් ගැනීම ය.
සිය උපායමාර්ග වෙනස් කරමින් නවසීලන්තයේ එන්නත් ලබාගැනීමට සුදුසු සමස්ත ජනගහනය වේගයෙන් සම්පූර්ණයෙන් එන්නත් රජය තීරණය කර ඇත. ඒ අනුව මෙලෙස ‘කොවිඩ්-19’ එන්නත්කරණ වැඩසටහන වේගවත් කර ඇත.
නවසීලන්තයෙන් සෙනසුරාදා දිනයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 41 දෙනකු වාර්තා වූ අතර එයින් 40 දෙනකු වාර්තා වී ඇත්තේ ඕක්ලන්ඩ් නුවරිනි. ඕක්ලන්ඩ් යනු නවසීලන්තයේ විශාලතම නගරය යි. ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය නිසා ඕක්ලන්ඩ් නුවර ඉකුත් අගෝස්තු මාසයේ මැද සිට ලොක්ඩවුන් සීමාවලට යටත්ව තිබිණි.
එන්නත් ලබාගැනීමට සුදුසු ජනගහනයෙන් සම්පූර්ණ එන්නත්කරණයට ලක්වූ පිරිස සියයට 90ක් වූ දැඩි සීමා අවසන් කිරීමට නවසීලන්ත බලධාරීහු අපේක්ෂාවෙන් සිටිති.
ඉකුත් සිකුරාදා වනවිට නවසීලන්තය සුදුසුකම් ලබා සිටි ජනගහනයෙන් සියයට 62ක් සම්පූර්ණයෙන් එන්නත්කරණයට ලක් කර තිබූ අතර සියයට 83ක් පළමු එන්නත ලබා තිබිණි.
සෙනසුරාදා දිනයේ දී රට පුරා එන්නත්කරණ මධ්‍යස්ථාන විවෘත කර තිබූ අතර ඒවා පමණක් නොව ආහාර පාන අලෙවි සැල්, උද්‍යාන ද විවෘත කර තිබිණි. එන්නත්කරණයට ලක්වූ පිරිස්වලට ජනතාව රසකැවිලි ලබාදෙන අයුරු දක්නට ලැබුණු බව ද නවසීලන්ත මාධ්‍ය වාර්තා කර තිබිණි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
641
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2319
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොරෝනා එක්ක ජීවත් වෙන්න නවසීලන්තය සූදානම්
ruwan Monday, 18 October 2021 09:00 AM
ඕක තමයි අපි කිව්වේ වහලා ඉන්න බෑ කිව්වේ. දැන්වත් අපේ රටේ වගේ එන්නත් ටික දෙන්න හරියට ඉක්මනට.
hesa Monday, 18 October 2021 11:48 AM
ඒ රටේ කොරෝනා නැහැ කිව්වාට කොරෝනා නැති රටක් කෙහෙද අද..?