IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


’ජී20’ රාජ්‍ය නායක සමුළුව ඉතාලියේ

ලොව ප්‍රබල රටවල රාජ්‍ය නායක හමුව හෙවත් 'ජී20' සමුළුව පසුගිය සති අන්තයේ, ඉතාලියේ රෝම අගනුවරදී පැවැත්විණි.

කාලගුණ විපර්යාස පිටුදැකීම, 'කොවිඩ් 19' වසංගතය හමුවේ අඩපණ වුණු ගෝලීය ආර්ථිකය යළි ගොඩනැගීම සමුළුවට එක් වුණු රාජ්‍ය නායකයන් අතරේ සාකච්ඡාවට බඳුන් විය.

මෙවර සමුළුවේ සත්කාරකරු ලෙස ඉතාලි අග්‍රාමාත්‍ය මාරියෝ ඩ්‍රාගී රෝමයට පැමිණි සියලු රාජ්‍ය නායකයන් උණුසුම් අයුරින් පිළිගත්තේය. 'ජී20' සමුළුවට ලොව ප්‍රබල ආර්ථිකයන්ට හිමිකම් කියන ප්‍රධාන රටවල් 20 ක් අයත් වෙයි. ඊට අමතරව යුරෝපා සංගමයට ද ඊට එන් වෙයි. නිරීක්ෂකයන් ලෙස රටවල් කීපයක රාජ්‍ය නායකයන්ට ද ඇරැයුම් කෙරේ.

රෝමයේ පැවැති සමුළුවට චීන ජනාධිපති ෂී ජින්පින් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමුළුවට සහභාගී වූයේ වීඩියෝ තාක්ෂණයෙනි. 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් සමව ලොව සැමට නොලැබීම කනගාටුවක් බව රුසියන් ජනාධිපති පුටින් සමුළුවේ දී අවධාරණය කළේය. රුසියාව නිපදවූ 'ස්පුට්නික් 5' එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානය තවමත් අනුමැතිය නොදීම සම්බන්ධයෙන් ද රුසියන් ජනාධිපති පුටින් සිය අප්‍රසාදය පළ කළේය.

සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයන් සමරු ඡායාරූපයට පෙනී සිටීමට සූදානම් වෙද්දී, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් එහි නොසිටියේය. අග්‍රාමාත්‍ය ජොන්සන් පැමිණෙන තුරු සෙසු නායකයන්ට බලා සිටීමට ද සිදුවිය.

අග්‍රාමාත්‍ය ජොන්සන් පැමිණි විට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, අග්‍රාමාත්‍ය ජොන්සන් ට විහිළු කරන්න වූයේ වේලාව ගැන අවබෝධයක් නැතිදැයි සමච්චල් කරමිනි.

ඇමෙරිකාව සහ ඕස්ට්‍රේලියාව අතර සබ්මැරීන ගනුදෙනුව හේතුවෙන් ප්‍රංශයත්, ඇමෙරිකාවත්, ඕස්ට්‍රේලියාවත් අතර අර්බුදයක් හටගෙන තිබුණි. කෙසේ නමුත් සාකච්ඡා මාර්ගයෙන් ඒය විසඳා ගැනීමට රටවල් තුනේ රාජ්‍ය නායකයන්ට හැකිවිය. 'ජී20' සමුළුවේදී, ප්‍රංශ ජනාධිපති මැක්රොන් සහ ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් අතරේත්, මැක්රොන් සහ බයිඩන් අතරේත් සාකච්ඡා පැවැත්විණි. ඒ, හොඳහිත තරකර ගනිමිනි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

’ජී20’ රාජ්‍ය නායක සමුළුව ඉතාලියේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 632 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2314 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site