
බ්‍රිතාන්‍ය විපක්ෂ කම්කරු පක්ෂ නායක ශ්‍රීමත් කියර් ස්ටාමර් මහතා ට කොවිඩ් ආසාදනය වී ඇති බවට වාර්තා වේ.
මේ බව බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ මාධ්‍ය ප්‍රකාශකවරයකු විසින් තහවුරු කරනු ලැබ ඇත.
ස්ටාමර් මහතා මේවන වනවිට නිරෝධානයේ පසුවන බැවින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා වෙත සතිපතා යොමුකරන ප්‍රශ්න සැසිවාරයේදී ස්ටාමර් වෙනුවට ඔහුගේ පක්ෂයේ ව්‍යාපාරික ප්‍රකාශක එඩ් මිලිබෑන්ඩ් ඉදිරිපත් වනු ඇති බව පාර්ලිමේන්තු කතානායක ශ්‍රීමත් ලින්ඩ්සේ හොයිල් මහතා පැවසීය.
මේ අතර, ගතවූ දින 28 තුළ බ්‍රිතාන්‍යය තුළ කොවිඩ් ආසාදිත පුද්ගලයන් 43,941 සහ මරණ 207 වාර්තා වී තිබේ.
(ගාඩියන් ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd