
ඇමෙරිකාවේ අවුරුදු 5 ත් 11 ත් වයස් කාණ්ඩයේ දරුවන්ට 'ෆයිසර්' ප්‍රතිශක්තිකරණ එන්නත සුදුසු යැයි එරට ඖෂධ සඳහා අනුමැතිය ලබා දෙන 'ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය' අවසන් වරට තීරණය කළේය.
ඒ අනුව නොවැම්බර් පළමු වැනිදා සිට ඇමෙරිකාවේ අවුරුදු 5 ත් 11 ත් අතර වයස් කාණ්ඩයේ සියලුම දරුවන්ට ද එන්නත් ලබා දීම ආරම්භ වනු ඇති බව විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි. මේ වනවිට ඇමෙරිකාවේ අවුරුදු 12 ට වැඩි සියලු දෙනාට එන්නත් ලබා දීම සිදුවෙයි. 12 ත් 18 ත් වයස් කාණ්ඩයට හිමි වන්නේ 'ෆයිසර්' එන්නතය.
'ෆයිසර්' එන්නත 12 ට අඩු කුඩා දරුවන්ට සුදුසු යැයි 'ෆයිසර්' සමාගම පෙන්වා දුන් නමුත්, එසැණින් දරුවන් එන්නත් කිරීමට ඇමෙරිකන් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් කැමැත්තක් දැක්වූයේ නැත. ඒ අනුව, අවුරුදු 12 ට අඩු දරුවන්ට එන්නත් ලබා දීම දිනෙන් දින ප්‍රමාද විය. වාද විවාදවලින් අනතුරුව, සිය අවසන් වාර්තාව නිකුත් කරමින්, 'ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය' පෙන්වා දී ඇත්තේ අවුරුදු 12 ට අඩු දරුවන්ට 'ෆයිසර්' එන්නත ලබා දීම ගැටලුවක් නොවන බවය.
ඇමෙරිකාවේ මෙසේ කුඩා දරුවන් එන්නත් ලබා දීම ප්‍රමාද වුවත්, මහා බ්‍රිතාන්‍යය ඇතුළු යුරෝපා රටවල් සහ ඊශ්‍රායල මේ වනවිටත් අවුරුදු 12 ට අඩු දරුවන්ට 'ෆයිසර්' එන්නත ලබා දීම සිදුවෙයි. රටවල් බොහොමයක්, කුඩා දරුවන්ට 'ෆයිසර්' එන්නත් මාත්‍රා දෙකම ලබා දෙන අතර, මහා බ්‍රිතාන්‍යය එරට කුඩා දරුවන්ට නිර්දේශ කර ඇත්තේ එක් 'ෆයිසර්' එන්නත් මාත්‍රාවක් පමණි.
මේ අතර, ඇමෙරිකාවට පැමිණෙන විදෙස් සංචාරකයන් සඳහා 'එන්නත්කරණ අවශ්‍යතාවන්' පැහැදිලි කිරීමේ විශේෂ නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් තබා ඇති බව ද වාර්තා වේ. එම නියෝගයට අනුව, අවුරුදු 18ට අඩු දරුවන්ට ඇමෙරිකාවට ඇතුළු වීම සඳහා එන්නත්කරණය අවශ්‍ය නොවෙයි. අවුරුදු 18 ට වැඩි සියලු දෙනා ඇමෙරිකාවේ වසංගත රෝග පාලන ආයතනය හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ අනුමත කළ 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් නියමිත පරිදි නියමිත මාත්‍රා ලබා ගෙන තිබිය යුතුය.
ඊට අමතරව, චීනය, ඉන්දියාව සහ යුරෝපීය රටවල සංචාරකයන්ට පනවා තිබූ දැඩි සීමාවන් ලබන නොවැම්බර් 8 වැනිදා සිට ඉවත් කිරීමට ද ඇමෙරිකාව සූදානම් වෙයි. පසුගිය 2020 වසරේ සිට ඇමෙරිකා එක්සත් ජනපදය විදේශ සංචාරකයන්ට සීමා පැනවූයේ, කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ අරමුණින්ය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
641
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2319
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අවුරුදු 5 ත් 11 ත් දරුවන්ට ’ෆයිසර්’