IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


තලේබාන් නායකයාගේ පුතාගෙන් වීඩියෝ පණිවුඩයක්

ඇෆ්ගන් තලේබාන් සංවිධානය පිහිටුවූ මුල්ලා ඕමාර්ගේ පුතු මොහොමද් යාකුබ් පළමු වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේය. ඒ, තලේබාන් සංවිධානය නිකුත් කළ වීඩියෝ පණිවුඩයකිනි.

එම වීඩියෝ පණිවුඩය හරහා මොහොමද් යාකුබ් ඇෆ්ගන් එරට ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලීමක් කරයි. ඒ, රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් මුදල් ආයෝජන කිරීමට පෙළඹෙන්නැයි කියාය.

ඇමෙරිකාව ඇතුළු විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසු ඇෆ්ගනිස්තානය යළි තලේබාන් ග්‍රහණයට හසුවී මේ වනවිට මාස දෙකක් ගත වී තිබේ.

ඇෆ්ගනිස්තානයේ බලයට පත්වීමෙන් අනතුරුව එරට අන්තර්වාර රජයේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටුයුතු කරන්නේ ද මොහොමද් යාකුබ් ය. විදෙස් හමුසදා පිටවී යෑමත් සමඟ විදෙස් ආධාර සහ ආයෝජන ද සියල්ල නැවැතී යෑමෙන් තලේබාන්වරුන් පිහිටුවූ රජය දැඩි අසීරුතාවලට මුහුණ දෙයි. ඇෆ්ගන් වැසියන් සාගතයක් අබියස සිටින බව ද පැවැසෙයි.

තලේබාන් සංවිධානය පිහිටුවූ සහ එහි පළමු නායකයා ද වූ මුල්ලා ඕමාර් ඇසක් අහිමි බිහිසුණු ත්‍රස්තවාදියෙකි. ඇෆ්ගනිස්තානයේ බාහියම් බුදු පිළිම ඩයිනමයිට් යොදා පුපුරුවා විනාශ කළේ ද මොහුය. ඇමෙරිකන් හමුදා කළ ප්‍රහාරයකින් මුල්ලා ඕමාර් මියගියේ 2013 වසරේදීය. මුල්ලා ඕමාර් මෙන්ම ඔහුගේ පුත්‍රයා මොහොමද් යාකුබ් ඇමෙරිකාව ඇතුළු විදෙස් හමුදා සමඟ සටන් වැදුණු ම්ලේච්ඡ ත්‍රස්තයෙකි. මොහොමද් යාකුබ් මීට පෙර වීඩියෝ පණිවුඩ නිකුත් කළේ සැඟවී සිට, ඇමෙරිකන් හමුදාවට තර්ජනය කරමින් යැයි ද විදෙස් මාධ්‍ය සිහිපත් කරයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

තලේබාන් නායකයාගේ පුතාගෙන් වීඩියෝ පණිවුඩයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 632 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2314 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site