උතුරු කොරියාව දිගු දුර මිසයිලයක් අත්හදා බලයි
නව මාදිලියේ දිගු දුර කෲස් මිසයිල කීපයක් සාර්ථකව අත්හදා බැලූ බව උතුරු කොරියානු හමුදාව පවසයි. උතුරු කොරියා හමුදාව මෙම මිසයිල නිර්මාණය කර ඇත්තේ පසුගිය දෙවසර කාලයේය. න්‍යෂ්ටික යුද ශීර්ෂ සම්බන්ධ කළ හැකි මෙම මිසයිලවලට කිලෝ මීටර් 1,500 ක දුරක් ගමන් යා හැකි බව උතුරු කොරියා හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.