
සුඩාන අග්‍රාමාත්‍ය අබ්ඩාලා හැම්ඩොක් සිය ධුරයෙන් ඉල්ලා අස්විය. ඒ, තමන් අපේක්ෂා කරන අන්දමින් තමන්ට රටට නායකත්වය ලබා දීම කළ නොහැකි බව පෙන්වා දෙමිනි.
2019 වසර වනතුරු සුඩානයට නායකත්වය දුන්නේ ජනාධිපති ඕමාර් අල් බෂීර් ය. ජනතා අප්‍රසාදය දිගින් දිගටම එල්ල වෙද්දී, අල් බෂීර් ජනාධිපති ධුරයෙන් ඉවත් වූයේ ඔහුට ඉවත් වෙන්නැයි සුඩාන වැසියන් දිගින් දිගටම විරෝධතා පැවැත්වූ නිසාය.
ඒ අනුව සුඩාන අග්‍රාමාත්‍යවරයා ලෙස අබ්ඩාලා හැම්ඩොක් ට රටේ පාලන බලය පැවැරිණි. ජනතාව අපේක්ෂා කළ ආකාරයේ ‘දේශපාලනික වෙනසක්’ සිදු නොවුණු බැවින් දිගින් දිගටම විරෝධතා එල්ල විය.
සුඩාන හමුදාව කුමන්ත්‍රණය කරමින්, අබ්ඩාලා හැම්ඩොක් ධුරයෙන් නරපා දමමින් බලය අල්ලා ගත්තේ ඔක්තෝබර් 25 වැනිදාය.
කෙසේ නමුත් ජාත්‍යන්තරයෙන් දිගින් දිගටම එල්ල වුණු පීඩනය හමුවේ හමුදා පාලනයට සිවිල් මුහුණුවරක් මෛ් අරමුණින් අබ්ඩාලා හැම්ඩොක් යළි බලයේ පිහිටුවීමට හමුදා ප්‍රධානීහු කටයුතු කළහ.
‘රට දිනෙන් දින අගාධයට යනවා. එය නැවැත්වීමට හැකි තරම් මා උත්සාහ ගත්තා. සාර්ථක වුණේ නැහැ. ඒ නිසා මා ඉල්ලා අස්වීමට තීරණය කළා‘ යැයි හමුදා ප්‍රධානීන් වෙත ඉල්ල අස්වීමේ ලිපිය බාර දී ධුරයෙන් සමුගනිමින් අබ්ඩාලා හැම්ඩොක් පැවැසීය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
598
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2304
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සුඩාන අගමැති හැම්ඩොක් ධුරයෙන් ඉවත් වෙයි