
චීනයේ ලොක්ඩවුන් කළ ‘සියැං‘ නගරයෙන් නව ‘කොවිඞ් 19’ ආසාදිතයන් 155 දෙනකු වාර්තා වූ බවත්, මෙම 2021 වසරේ චීනයේ එක් නගරයකින් එක් දිනක් තුළ වැඩිම අසාදිතයන් වාර්තා වූ පළමු අවස්ථාව එය බවත් චීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
වයිරස ව්‍යාප්තිය සිදුවෙමින් පවතින්නේ ‘සියැං’ නගරය සති දෙකක් තිස්සේ නගරය ලොක්ඩවුන් කර තිබියදීය.
පසුගිය දින 8 පුරාවටම ආසාදිතයන් වාර්තා විය. ආසාදිතයන්ගේ අඩුවක් දක්නට නොලැබීම නිසා අත්‍යාවශ්‍ය හේතුවකට හෝ නිවසින් බැහැරවීමෙන් වළකින්නැයි සෞඛ්‍ය බලධාරීන් ජනතාවට උපදෙස් දී ඇත.
චීන මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ ‘සියැං’ නගර වැසියන් ‘ජීවත් වෙනවාද? මියයනවාද?’ දෙගිඩියාවෙන් පසුවන බවය. මේ වනවිට ‘සියැං’ නගරයෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 1,100 තෙක් ඉහළ ගොස් තිබේ.
සැම්සුන් සහ මයික්‍රෝන් තාක්ෂණික සමාගම්වල ‘මෙමරි චිප්’ නිෂ්පාදනය කරන සමාගම් ඇත්තේ ද මෙම ‘සියැං’ නගරයේ ද ‘කොවිඞ් 19’ ව්‍යාප්තිය හේතුවෙන් මෙම සමාගම් ද මේ වනවිට සම්පූර්ණයෙන් වසා දමා ඇත.
සෞඛ්‍ය අංශ සහ නගර බලධාරීන් එක් වී, නගරයේ සියලූ දෙනා ‘කොවිඞ් 19‘ පරීක්ෂණ සඳහා යොමු කරමින් සිටින නමුත් ආශ‍්‍රිතයන් සෙයා ගැනීම අසීරු බවත් පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd