IMG-LOGO

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා


හයිටි අගමැති මරන්න හදලා

හයිටි අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රි ඝාතනය කිරීමට තුවක්කුකරුවන් පිරිසක් උත්සාහ ගත් නමුත් එය අසාර්ථක විය. හයිටි නිදහස් දිනය ට යෙදී තිබුණු අතර, නිදහස් දිනය වෙනුවෙන් හයිටියේ උතුරු දෙසින් පිහිටි ගොනයිවිස් නමැති නගරයේ දෙව්මැදුරක විශේෂ දේව මෙහෙයකට සහභාගී වී සිටිද්දී, ඔහුට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත.

වෙඩි වරුසාවක් මැද, ආරක්ෂක නිලධාරීන් කඩිනමින් ක්‍රියාත්මක වී, අග්‍රාමාත්‍යවරයා වට කර ගත් බවත්, පසුව තුවක්කුකරුවන්ට ප්‍රති ප්‍රහාර එල්ල කරමින්, වෙඩි වරුසාව මැද ම අග්‍රාමාත්‍යවරයා ඔහුගේ මෝටර් රථයට ගෙන ගොස් ඉන්පසු ආරක්ෂිත ස්ථානයක් වෙත රැගෙන යෑම සිදුවිය.

හයිටිය අර්බුද රැසකින් හෙම්බත් වුණු රාජ්‍යයකි. පසුගිය 2021 වසරේ ජූලි මාසයේ හයිටි ජනාධිපති ජොවෙනෙල් මොයිස් ඝාතනයට ලක් විය. ජනාධිපතිවරයා වෙඩි තබා ඝාතනය කළේ, පෝට් ඕ ප්‍රින්ස් අගනුවර ඔහුගේ නිල නිවසට රාත්‍රියේ කඩා වැදුණු සන්නද්ධ පිරිසකි.

එම අවස්ථාවේදී ජනාධිපති බිරිඳ ද වෙඩි ප්‍රහාරයට ලක් වූ නමුත් ඇගේ තත්ත්වය බරපතල නොවිණි.

හයිටි අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රි රටේ පාලනය සියතට ගත්තේ ජනාධිපතිවරයාගේ ඝාතනයෙන් පසුවය. ජනාධිපති ජොවෙනෙල් මොයිස් ඝාතනය කළේ විදේශික කුලී හේවායන් කණ්ඩායමකි. ඝාතනයට සම්බන්ධ බොහෝ දෙනකු අත්අඩංගුවට ගැණුන ද මහ මොළකරු හයිටියෙන් පලා ගොස් ඇතැයි හයිටි ආරක්ෂක අංශ පවසා තිබේ.

(රොයිටර්)



අදහස් (0)

හයිටි අගමැති මරන්න හදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 214 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 457 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site