
ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ලොයිඩ් ඇස්ටින් ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු වී තිබේ.
පූර්ණ එන්නත්කරණයකට ලක්වුණු ආරක්ෂක ලේකම්වරයාගේ තත්ත්වය බරපතල නොවන බවත්, ඔහු නිවසේ නිරෝධායනයට ලක් වී සිටින බවත් පෙන්ටගනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
තමන් හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත්, නිවසේ සිට සුපුරුදු පරිදි රජකාරි කටයුතු කරගෙන යන බවත් ලොයිඩ් ඇස්ටින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ලොයිඩ් ඇස්ටින්, අවසන් වරට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හමුවී ඇත්තේ පසුගිය දෙසැම්බර් 21 වැනිදා යැයි ධවල මන්දිරය පවසා ඇත.
මේ වනවිට ඇමෙරිකාවේ ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතිය ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd