ඉන්දු කාශ්මීරයේ හින්දු කෝවිලක බැතිමතුන් අතරේ සිදුවුණු තෙරපීමකින් 12 දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බවත් 20 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බවත් අල් ජසීරා පුවත් සේවය පවසයි.
තෙරපීම සිදුවුණු බව පැවැසෙන්නේ ඉන්දියානු පාලන යටතේ පවතින කාශ්මීරයේ කදු මුදුනක පිහිටි 'මාතා වෛෂ්නෝ දේවි' කෝවිලේ යැයි පැවැසෙයි. උතුරු දිග ඉන්දියාවේ ප්‍රකට හින්දු කෝවිලක් ලෙස මෙය සැලකෙයි.
තෙරපීම සිදුවූයේ නව අවුරුදු උදාව වෙනුවෙන් පැවැති පූජාවක් අතරතුරේය. දස දහස් ගණනක් බැතිමතුන් එම අවස්ථාවේදී කෝවිල භූමියට රැස්ව සිටි බව ද පැවැසෙයි. තෙරපීම සිදුවී ඇත්තේ අද (1) අලුයම 2.45 ට පමණය.
සිද්ධිය සැලවීමෙන් තමන් මහත් සේ කම්පාවට පත්වුණු බව ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් ට්විටර් පණිවුඩයකින් දැනුම් දුන්නේය. බැතිමතුන්ගේ ජීවිත අහිමිවීම ඉතාමත් කනගාටුවට කරුණක් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ට්විටර් ගිණුම හරහා පැවැසීය.
(අල් ජසීරා)
2025 නොවැම්බර් මස 04
599
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2304
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දීය කෝවිලක තෙරපීමකින් 12 ක් මරුට
sam Monday, 03 January 2022 10:05 AM
අයියෝ අපේ රටේ සුනාමි හොරයි උගේ පවුලේ ,ඥානක්කා පස්සේ යන සෙට් එකයි මේකට අහු උනානම් ලෝකෙම සන්තෝස වෙයි,කිසි කෙනෙක් දුක් වෙන්නේ නැහැ