IMG-LOGO

ඉන්දියාවේ දරුවන්ට එන්නත් දීම ඇරැඹේ

ඉන්දියාවේ අවුරුදු 15 ත් 18 ත් වයස් කාණ්ඩයේ දරුවන්ට ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම අද සිට ආරම්භ විය.

මේ වනවිට ඉන්දියාව පුරා එන්නත් මධ්‍යස්ථාන 1,426 ක් ක්‍රියාත්මක වන අතර, එයින් මධ්‍යස්ථාන 551 ක් දරුවන් සඳහා විශේෂයෙන් වෙන් කර ඇති බව සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඉන්දියාවේ අවුරුදු 15 ත් 18 ත් වයස් කාණ්ඩයේ දරුවෝ ලක්ෂ 15 ක් එන්නත් ලබා ගැනීමට සුදුසුකම් ලබා සිටිති.

ඉන්දියාවේ දරුවන් වෙනුවෙන් එන්නත් වර්ග කීපයකි. කැමැති එන්නතක් තෝරා ගැනීමට හැකියාව තිබේ. ඒ අතර, ලොව පළමු ඩී.එන්.ඒ. වර්ගයේ එන්නත සහ සියයට සියයක් ඉන්දීය තාක්ෂණයෙන් නිපදවන ‘භාරත් බයෝටෙක්’ සමාගමේ ‘කොවැක්සින්’ එන්නත තිබේ.

මේ වනවිට යළිත් වරක් ඉන්දියාවේ ‘කොවිඩ් 19’ ආසාදිතයන් ඉහළ යමින් පවතී. ගතවුණු පැය 24 ඇතුළත නව ආසාදිතයන් 33,750 ක් වාර්තා විය.

ගතවුණු පැය 24 ඇතුළත වාර්තා වූ ‘කොවිඩ් 19’ මරණ ගණන 123 කි. මේ වනවිට ‘ඔමික්‍රෝන්’ විකෘතිය ද ඉන්දියාව පුරා ව්‍යාප්ත වෙමින් පවතී. මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වී ඇති ‘ඔමික්‍රෝන්’ ආසාදිතයන් ගණණ 1,700 පසු කර තිබේ.

මේ අතර ‘කොවිඩ් 19’ බූස්ටර් එන්නත් ලබා දීම ලබන 10 වැනිදා සිට ආරම්භ වෙයි. පළමුවෙන් බූස්ටර් එන්නත ලබා දීම සිදුවන්නේ අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන් සඳහා සහ ඉදිරිපෙළ සෞඛ්‍ය අංශ සාමාජිකයන් සඳහාය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඉන්දියාවේ දරුවන්ට එන්නත් දීම ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 272 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 141 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1777 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site