පෙෂාවෝර් මහාධිකරණය, පාකිස්තානයේ හිටපු ජනාධිපති නවාස් ෂරීෆ් ගේ උපදේශකවරයකු වන අමීර් මුඛාම් අත්අඩංගුවටට ගැනීම ප්‍රමාද කර ඇත.
නීතිවිරෝධී වත්කම් ඉපැයූ බවටත් තමන් සතු වත්කම් ලද ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීමත් යන කරුණු මුල් කරගනිමින් අමීර් මුඛාම් ට චෝදනා එල්ල වී තිබේ.
හෙතෙම මීට කලියෙන් පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඉන් අනතුරුව ඇප ලැබිණි. එ් අනුව ඔහු අත්අඩංගුවට ගැනීම ප්‍රමාද කරමින් ඇප කාලය ජනවාරි 20 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.
පාකිස්තානයේ කයිබර්-පන්ක්තුන්ක්වා පළාතේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ ෆෙඩරල් කටයුතු උපදේශක වශයෙන් කටයුතු කළේ අමීර් මුඛාම් ය.
විනිසුරුවරුන් වන ලාල් ජාන් කටාක් සහ මුසාර්ත් හිලාලි යන දෙදෙනා මෙලෙස ඇප කාලය දීර්ඝ කරන ලදි.
දෙපාර්ශවයේ ම කරුණු විමසීමෙන් අනතුරුව තීන්දුව ලබාදිය යුතු බවත් ඒ නිසා මෙය ජනවාරි 20 වැනිදා දක්වා කල් තබන බවත් විනිසුරුවරු සඳහන් කළ හ.
අමීර් මුඛාම් යනු පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ‘පාකිස්තාන් මුස්ලිම් ලීග්-නවාස්’ පක්ෂයේ ප්‍රධාන සාමාජිකයෙකි.
හෙතෙම ජෙනරාල් පර්වේස් මුෂාරෆ්ගේ සමීපතමයකු ලෙස ද කටයුතු කළේ ය.
වත්මන් ආණ්ඩුවට තමන් අත්අඩංගුවට ගැනීමට වුවමනා වී තිබෙන බවත් මේ නිසා ඔවුන් දේශපාලන පලිගැනීම් සිදු කරමින් සිටින බවත් අමීර් මුඛාම් පැවැසීය. පක්ෂයටත් නායකත්වයටත් අවංකව කටයුතු කිරීම නිසා තමන් දේශපාලනමය වින්දිතයකු බවට පත්ව ඇතැයි ද ඔහු කීය.
‘ද ෆ්‍රොන්ටියර් පෝස්ට්’
2025 නොවැම්බර් මස 04
598
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2303
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හිටපු ජනාධිපති නවාස් ෂරීෆ් ගේ උපදේශක අත්අඩංගුවට